අප්‍රේල් 02 වන දින අත්අත්ඩංගුට ගත් අනුරුද්ද බණ්ඩාර තරුණයාව මෝදර කොට්ඨාස විමර්ශන ඒකකයේ රඳවා ගෙන ඇති බවට පොලිසියෙන් මානව හිමිකම් කොමිසමට පවසා ඇත.
ඒ අනුව මානව හිමිකම් කොමිසම් සභාවේ නිලධාරින් පිරිසක් එම ස්ථානයට යන බව පැවසීය.
අනුරුද්ද බණ්ඩාර නම් තරුණයෙකුව අප්‍ර්‍රේල් 02 දින රාත්‍රියේදි මෝදර පොලිසියේ අයි.පී.ලියනගේ නම් පොලිස් නිලධාරියෙක් පැමිණ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත් අඩංගුවට ගැනීම පිළිබඳව රේඛා නිලුක්ෂි සහ ශ්‍ර්‍රි ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ල කර ඇත.
ගම්පොළ පිහිටි අදාල තරුණයාගේ නිවසේදි මෙම අත්අඩංගුවට ගෙන ඇත.
තරුණයාගේ පියා තම පුතා අත්අඩංගුවට ගෙන ඇති දැයි මෝදර පොලිසියෙන් කළ විමසීමකදී මෝදර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානධිපති පවසා ඇත්තේ “පුතාව ගමනක් යැව්වා” බව අප වෙත පැවසීය.
මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් අප විමසීමක් කිරිමට උත්සහ කළ නමුත් ඔහුගේ දූරකථනය පොලිස් මූලස්ථානයේ මාධ්‍ය ඒකකය වෙත යොමු කර තිබුණි. එහි නිලදාරින් පිරිසකගෙන් අප කළ විමසීමකදී එහි නිලධාරියෙක් පැවසූවේ අදාල තරුණයාව මෝදර පොලිසියෙන් අත් අඩංගුවට ගෙන නොමැති බවය. යම් කෙනෙක්ව අත් අඩංගුවට ගත් වහාම ඒ අයගේ නම් ලේඛනයක සදහන් කරන බවත් මෝදර පොලිසියේ ලේඛන පොතේ අදාල තරුණයාගේ නම සදහන් කර නොමැති බවය.