ප්‍රභාකරන් මැරූ, සටන්කාමීම සේනාංකය කොළඹට

සීගිරියේ ස්ථානගත කර ඇති 53 වන සේනාංකය කොළඹ බලා එන්නට පිටත් වී තිබෙන බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග වාර්තා කරයි.

මෙය මීට පෙර වත්මන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න ප්‍රධානත්වය දරණ සේනාංකයයි. එය යුධ පෙරමුණේ සටන් කළ සේනාංකයකි. කොළඹ යුධ පෙරමුණක් නොවේ.

මෙය කොටි නායකයාව ඉවර කරන්නට යෙදූ සේනාංකයයි. ලංකාවේ විවිධ හමුදා සේනාංක ඒ ඒ ප්‍රදේශවල ආඥාපතිවරුන්ගේ අණ යටතේ පවතී.

එහෙත් 53 වන සේනාංකය පවතින්නේ සෘජුව හමුදාපති අණ යටතේය. (කමාන්ඩර් රිසර්ව්ඩ්) එය ලංකාවේ සටන්කාමීම සේනාංකයක් වන නිසා එය පාවිච්චි කරන්නේ දරුණු මැඬලීම්වලට හමුදාපතිවරයාගේ වුවමනාවට බව කියැවේ.

හමුදාව විශාල වශයෙන් මර්දන කටයුතු සඳහා යොදාගැනීමක්දැයි සැකයක් පවතී. කෙසේවෙතත් වඩාත් භයානක විය හැක්කේ මෙය ඉන් එහා ගිය මිලිටරි මැදිහත්වීමාට මෙය යොදාගනීවිද යන්නයි.

ඇඳිරි නීතිය පැනවීමත් සමඟ මෙලෙස හමුදාව ගෙන්වීමට කටයුතු කර ඇත.

වැඩි විස්තර අප්ඩේට් කිරීමට කටයුතු කරන්නෙමු. පොලීසියට හොඳින්ම හැකියාව තිබියදී හමුදාව යෙදවීම ඉතා භයානකය

ඔබට මහම‍ඟ විශාල හමුදා රථ ගමන් කරනු දක්නට ලැබුණහොත් එය පටිගත කොට බෙදාගන්න. තවත් අයට දැනගන්නට මෙම පණිවිඩය යොමු කරන්න. මිලිටරි ක්‍රියාකාරකම් ගැන සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී සමාජය විමසිලිමත් වන්න.