මාර්තු 31 වැනිදා රාත්‍රියේ තිබුණු විරෝධතාව අන්තවාදී ක්‍රියාවක් නොව, එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව සරත් වීරසේකර අමාත්‍යවරයා කියා තිබුණා.
ඒ මාධ්‍යවේදීන් පිරිසක් අප්‍රේල් 01 වැනිදා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
ජනාධිපති මාධ්‍ය අංශය අප්‍රේල් 01 වැනිදා උදෑසන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිටියේ ‘අරාබි වසන්තයක්’ කරනවා කියමින් ‘අන්තවාදීන්’ පිරිසක් මේ විරෝධය පසුපස සිටින බව. එහෙත් ඒ බවක් කිසිදු පොලිස් වාර්තාවකින් හෝ අධිකරණ කටයුත්තකින් තහවුරු වුණේ නෑ.