අප්‍රේල් 01 වෙනි දින උදෑසන මිරිහාන ප්‍රදේශයේ සිදුවීම් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී තරිදු ජයවර්ධන සහ තවත් මාධ්‍යවේදීන් පිරිසකට ජනාධිපති මාධ්‍ය අංශයේ පිරිසක් බාධා කර ඇති බවත් එම පිරිස අතර සිටි අයෙකු ‘උඹ ගැන පස්සේ බලාගන්නම්” යැයි කියමින් තමන්ට තර්ජනය කළ බවට තරිඳු ජයවර්ධන මහතා මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ නුවන් තාරක තමන්ව හදුන්වමින් මිරිහාන ප්‍රදේශයේ වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන්ට එම ස්ථානයෙන් ඉවත් වීමට පවසා ඇති බවත් විඩියෝ කරමින් සිටි මාධ්‍යවේදීන්ට එම විඩියෝ රූපගත කිරීම් නතර කරන ලෙසත් අදාල පුද්ගලයන් පවසා ඇත.
