ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් චෝදනා ගොනු කරන්න එපා – මානව හිමිකම් කොමිසම ඉල්ලයි

මාර්තු 30 වෙනි දින රාත්‍රියේ මිරිහාන නගරයේ සිදු වූ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයන් රටේ සාමාන්‍ය නීතිය යටතේ හැර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් නීති ක්‍රියාමාර්ග නොගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ පවසා ඇති බව වාර්තා වේ.

එම සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් සොයාබැලීමට අප්‍රේල් 01 වෙනිදා මානව හිමිකම් කොමිසමේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මිරිහාන පොලිසියට පැමිණ ඇති අතර එහිදි අත්අඩංගුවට ගත් පුද්ගලයන්ව පොලිස් භාරයේදී සිටියදි වධහිංසා කිරීම් සිදු⁣වී තිබේදැයි නිරීක්ෂණය කිරීම සහ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇති දැයි සොයාබැලීම මෙම නිරීක්ෂණය සිදු කළ බව එහි නිලධාරියෙක් ‘සටහන්’ කළ විමසීමකදී පැවසීය.