පොලිස් නිලධාරීන් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඒ අතර විශේෂ කාර්ය බලකායේ 18 දෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා තිබුණා. එහෙත් ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේදී පොලීසියෙන් පහර කෑ විරෝධතාකරුවන් ගැන කිසිම කරුණක් කීවේ නැහැ.
අප කළ විමසීමකදී, කළුබෝවිල රෝහලේ සිටි නීතිඥයෙකු ප්‍රකාශ කළේ 25කට ආසන්න පිරිසකට කුමන හෝ තුවාල ඇති බව. ඒ අතර බරපතල තුවාල ලැබූ අය රෝහලට ඇතුළත් කර ඇති බවත්, එම නීතිඥයා කීවා.
පොදු දේපළවලට හානි කරන අවස්ථාවක පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට අයිතිය ඇතත් පුද්ගලයන්ට පහරදීමේ අයිතියක් පොලීසියට නැහැ.