වීරසේකර පවත්වන්නට සිටි මාධ්‍ය හමුවක් හදිසියේ අවලංගු කරයි!

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවත්වන්නට සිටි මාධ්‍ය හමුවක් හදිසියේ අවලංගු කරලා.

දහවල් තුනට පවත්වන බව කී එම මාධ්‍ය හමුව අවලංගු කරන බව දැනුම් දෙමින් මාධ්‍යවේදීන් වෙත පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

සරත් වීරසේකර මහතා මෙවැනි අවස්ථාවල සලකා බැලීම්වලින් තොරව අදහස් දැක්වීම් කර ජනතාව තවත් කළඹන වර්ගයේ කෙනෙකු ලෙස ප්‍රකටයි.

‘රට තුළ උද්ගත වත්මන් දුෂ්කරතා සහ ඒ්වා මඟහරවා ගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ග’ යන මාතෘකාවෙන් යුතුව එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට නියමිත වුණා.