මිරිහාන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් 27 දෙනාගෙන් 22 දෙදෙනෙකුට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී ඇත.
ඇප ලබා නොදුන් පුද්ගලයන් 06 දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ඔවුන් අප්‍රේල් 06 දක්වා රිමාන්ඩ් කර ඇත. සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ අඩුපාඩු රැසක් ඇති බවත් නඩු තීන්දුව උපුටා දක්වමින් මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ අධිකරණය විමර්ශන නිලධාරීන් සතුටු කිරීමට තීන්දු ලබා දිය නොහැකි බවත්ය.