ප්‍රධාන මාධ්‍ය මිරිහානේ කතා යටගසයි! රතුපස්වල සිහිවෙයි!

මිරිහාන ප්‍රදේශයේ සිදු වූ සිදුවීම්වල බොහෝ කරුණු හිරු, ලංකාදීප සහ අද දෙරණ වැනි ප්‍රවෘත්ති වෙබ් අඩවි ඇති ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ගණනාවක් වාර්තා කරලා නැහැ.

උක්ත වෙබ් අඩවි තුනම මිරිහානේ විරෝධයක් ඇති වූ බව, පොලිස් ජල ප්‍රහාර එල්ල කළ බව, ඇඳිරි නීතිය පැනවූ බව සහ ජනාධිපති මාධ්‍ය අංශයේ කුප්‍රකට ‘අරාබි වසන්ත’ නිවේදනය පමණයි එම වෙබ් අඩවි වාර්තා කරලා තියෙන්නේ. ඒක ලියා ඇත්තේත් ‘අරාබි වනන්තරයක්’ කරන්න යනවා කියලා.

උං ඒකවත් දන්නේ නෑ.

යතෝ මුං මාධ්‍යවේදීන්ට පහරදුන්න එකවත් ස්වාධීනව වාර්තා නොකරන්නේ ඇයි? ඉන් එහාට මානව හිමිකම් කොමිසම උක්ත විරෝධතාකරුවන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට නොගන්නා ලෙස සඳහන් කරමින් නිකුත් කරපු නිවේදනය නොදමන්නේ ඇයි? මේ තත්වය ගැන වැඩිදුර වාර්තා කිසිවක් නොකරන්නේ ඇයි? 

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවලට තමයි මෙවැනි සිදුවීමක් වාර්තා කරන්න පිරිස් බලය ආදිය තියෙන්නේ.

මීට කලින් රතුපස්වල විරෝධතාවලට වෙඩි තබා මිනිස් ජීවිත පවා නැති වූ අවස්ථාවේත් මේ වාගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගොලු වුණා. සැබෑ තත්වය මිනිසුන්ට කීවේ නෑ. අලුත්ගම දර්ගා නගරයට පහරදුන් අවස්ථාවේත්, මාධ්‍ය ස්වාධීනව වාර්තා කරනවා වෙනුවට ගිරව් වගේ ආරක්ෂක අංශවල කතා විතරක් රිපීට් කළා.