මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට පහර දීලා! මාධ්‍යවේදියෙක් ශල්‍යකර්යකට භාජනය කරයි!

මාර්තු 30 වන දින මිරිහානේදී පැවති විරෝධතාවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ආරක්ෂක අංශ සහ පොලිස් නිලධාරීන් සිදු කළ පහරදීම් වලින් තුවාල ලබා ඇත.

අදාල උද්ඝෝෂණය රූගත කිරීමට එම ස්ථානයට දෙස් විදෙස් මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් සහභාගී වී සිටි අතර උද්ඝෝෂකයන්ට

අදාල පහරදීම්වලින් තුවාල ලැබූ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිශ්ශංක වේරපිටිය තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ ශල්‍යකර්මයකට භාජනය වෙමින් සිටින අතර මාධ්‍යවේදී සුමේධ සංජීව පොලිස් පහරදීම්වලින් තුවාල ලබා ඇති අතර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රදීප් වික්‍රමසිංහ පොලිස් පහරකෑම්වලට ලක්ව තුවාල ලබා ඇත.

තවද ආරක්ෂක අංශවලින් පහරකෑමට ලක්වු මාධ්‍යවේදියෙකු තම නීතිඥයින්ට ප්‍රකාශ කර ඇත්තේ උද්ඝෝෂකයන්ට ආරක්ෂක අංශ පහර දෙන දර්ශන තමන් රූගත කළ නිසා, තමන් පසුපස ආ යුධ හමුදා නිලධාරීන් පිරිසක් සහ සිවිල් ඇදුමෙන් සැරසී පැමිණි පිරිසක් තමන්ව වාහනයක නංවා රැගෙන යෑමට තැත් කළ බව පවසා ඇත.

මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ තමන් අදාල සිද්ධිය සම්බන්ධයෙන් නොදන්නා බවත් ඒ ගැන සොයා බලා කරුණු පවසන්නට හැකි බවය.

තවද අත්අඩංගුවට ගත් තරුනයන් කිහිපදෙනෙකුටම අත්අඩංගුවේ සිටියදී පහරදී ඇති බවත් වාර්තා වේ.