හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහභාගී වු යාපනයේදී පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගී වු අරුන් සිද්ධාර්ථන් මහතාට එම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිසක් සෙරප්පුවකින් පහර දී එළවා ඇති බව වාර්තා වේ.
අප්‍රේල් 01 වන දින යාපනයේ නගරයේ පැවැති අදාල උද්ඝෝෂණය කඩාකප්පල් කරමින් අරුන් සිද්ධාර්ථන් මහතා හැසිරී ඇති අතර එහි සිටි පිරිසක් ඔහුව එම ස්ථානයෙන් එළවා දැමීමට කටයුතු කළ බව එම උද්ඝෝෂණය වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු අප වෙත පැවසීය.