පරණම ජාත්‍යන්තර එයාපෝට් එක, නාමල් අමුතුවෙන් ඕපන් කරලා! දැන් මගීන් නැති නිසා ආයෙත් අත්හිටුවලා!

ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස නම් කරමින් මාර්තු 27 වන දින ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විවෘත කළ ලංකාවේ පැරණිම ගුවන් තොටුපළ වන රත්මලාන ගුවන්තොටුපළ මෑත කාලයේ සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස මෙහෙයුම් කරමින් සිටි බව වාර්තා වේ.

ඒ වෙනුවට 27 වැනිදා සිදුව ඇත්තේ අලුත් සමාගමකින් ලංකාවට සතිපතා ගුවන්වාර කිහිපයක් එකතු වීම පමණකි. එවැනි අවස්ථාවක සාම්ප්‍රදායානුකූලව සිදු කරන්නේ අලුත් ගුවන් සමාගම පිළිගැනීමට, පළවැනි ගුවන්යානයට වතුර ඉස ආචාර දැක්වීමක් පමණකි.

එහෙත් රත්මලාන ‘අමුතුවෙන්’ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් කරනවා කියා විශාල මුදලක් වියදම් කරමින් සංදර්ශනාත්මක උත්සවයක් පවත්වන්නට නාමල් රාජපක්ෂලා කටයුතු කර තිබුණි.

ලංකාවේ පළවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස සලකනු ලබන රත්මලාන ගුවන් තොටුපල මෑතකාලයේ එදිනෙදා ජාත්‍යන්තර මෙහෙයුම්වල නිරත වුණේ නැති නමුත් 2021 වසරේ කොවිඩ් සමයේ මාලදිවයින සහ ඉන්දියාවට අයත් ගුවන් යානා අතරිනන් පතර එසේ පැමිණ ඇති බව ගුවන්තොටුපොළේ නිලධාරීන් කිහිපදෙනෙක් සටහන් වෙත පැවසීය. ඊට අමතරව ලංකාවේ සිට ඉන්දියාවට ගිය මහින්ද රාජපක්ෂලාගේ ප්‍රයිවෙට් ජෙට් එක ගියේත් ඒ ගුවන්තොටුපොළෙනි.

එහෙව් ගුවන් තොටුපොළ අමුතුවෙන් ‘ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්’ ලෙස විවෘත කරමින් ලෝකෙට විහිළු සපයන තැනට නාමල් රාජපක්ෂ මහතා පත් වී ඇත. මේ වෙද්දී රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වාගේම අනෙකුත් ඇමතිවරුන් පවා ඉන්නේ පොදුජනතාව ඉදිරියේ විවෘත කිරීම් උත්සවවලලට සහභාගී වීමට නොහැකිවය.

මාර්තු 27දා එම ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසුව මාලදිවයිනේ ‘මොල්ඩිවියන්’ ගුවන් යානය මාලදිවයන් ජාතිකයන් සමග මුලින්ම රත්මලානට පැමිණි ගුවන් යානයයි. නමුත් එම ගුවන් ගමනින් පසුව මාලදිවයිනේ සිට රත්මලානට පැමිණීමට හෝ රත්මලානේ සිට මාලදිවයිනට යෑමට කිසිදු ගුවන් මගියකු නොමැති නිසා මාලදිවයිනට අදාල ගුවන් මෙහෙයුම් අත්හිටුවා ඇත.