බෙහෙත්-ශල්‍ය ද්‍රව්‍ය 200ක තොග අඩු වීමක් හා හිඟයක්

රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය 200ක පමණ තොග අඩු වීමක් හා හිඟයක් පවතින බව තම සංගමය අනාවරණය කරගත් බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර දිවයින පුවත්පතට පවසා ඇත.

එම බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග අතුරින් වැඩි සංඛ්‍යාවක ඇත්තේ තොගවල අඩු වීමක් බවත් ඇතැම් බෙහෙත් හිඟව පවතින බවත් ඒ මහතා පවසා ඇත.

හර්ද රෝග ,දියවැඩියාව ,අධි රුධිර පීඩනය (බ්ලඞ් ප්‍රෙෂර්කො), ලෙස්ටරෝල් සඳහා ලබා දෙන බෙහෙත් වර්ග ,පිළිකා ,වකුගඩු රෝග ,සඳහා ලබා දෙන බෙහෙත් වර්ග ,යුරිනරි කැතීටර්ස් ,සැත්කම්වලට භාවිත කරන නුල් වර්ග ,නිර්වින්දන බෙහෙත් වර්ග මෙසේ හිඟව පවතින බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය අතර වන බවත් රෝහල්වලට අත්‍යවශ්‍ය මෙම බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීමට පියවර නොගතහොත් එමගින් ඉදිරියේදී රෝගී ජීවිත අනතුරට පත් විය හැකි බව වෛද්‍ය බණ්ඩාර වැඩිදුරටත් පවසා ඇත.