ප්‍රවාහන ගුවන්යානයක් හදිසියේ හම්බන්තොටින් කෙන්යාවට යයි! මොනාහරි පැන්නුවාද?

රටේ දේශපාලන නායකයන්ට පාරට බසින්නට බැරි තැනට කටයුතු හැඩගැහෙන පසුබිමක, හදිසියේ හම්බන්තොට ගුවන් තොටුපොළේ සිට කෙන්යාවේ මොම්බාසා ගුවන් තොටුපොළ දක්වා පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගියාලු.

මේක ඒරෝස්ථාන් කියන සමාගමට අයිති යානයක්.

දේශපාලනය ගැන උනන්දු කණ්ඩායම් මේ ගුවන් යානය කුමක්ද, එයින් ගෙනිච්චේ මොනවාද යන කාරණය ගැන උනන්දු වෙමින් සිටිනවා.

ඒරෝස්ථාන් කියන්නේ කිර්ගිස්ථාන්වල තියෙන කාගෝ එයාලයින්ස් කම්පැණියක්. ඒ කියන්නේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා කම්පැණියක්. මේක සාපේක්ෂව පොඩි එකක් විතරක් නෙවෙයි, 2012 ඉඳන් 2020 දක්වා මේක තාවකාලිකව වහලා තිබුණා. බිෂෙක් මානාස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිතව තමයි මේ සමාගම පවතින්නේ.

එයාබස් ඒ300 යානාවක් සහ බෝයිං 747 යානා දෙකක් විදියට යානා තුනක ෆ්ලීට් එකක් තමයි මේ කම්පැණියට තියෙන්නේ. මේ යානා වර්ග දෙකම පුළුල් බඳක් තියෙන ප්‍රවාහන යානා.

ජාත්‍යන්තර වශයෙන් විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික සමාගම් ඇතුළු විවිධ ආයතනවලට ඔවුන්ගේ සේවාවන් ලැබෙනවා.

ඒ වගේම කිර්ගිස්ථානය මධ්‍යම ආසියාවේ යුක්‍රේනයටත් යම් දුරකට ආසන්නව පිහිටා තියෙන රටක්. මේ කියන ගුවන් සමාගමට සෑහෙන යුක්‍රේන බැඳීමක් තියෙන බව පෙනෙන්නේ, මේ වෙද්දී යුක්‍රේන ගුවන් සමාගම්වල ට්විටර් පණිවිඩ කිහිපයක්ම ඒරෝස්ථාන් ට්විටර් හැන්ඩ්ල් එකෙන් රීට්වීට් කර ඇති නිසා.