අවුරුදු සමයේදි ඉන්ධන හෝ ආහාර හිඟ වෙතැයි බොරු බියක් ඇති කර ගත යුතු නැති බව අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත.
ඒ මහතා මේ බව පවසා ඇත්තේ මාර්තු 30 වෙනිදා පැවැති ‘වාරි සෞභාග්‍යා’ දෙවැනි අදියරට සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමින් අගමැතිවරයා මේ බව පවසා ඇත.
‘කොවිඩ් වසංගතය අපි විසින් නිර්මාණය කරන ලද්දක් බවට පවසමින් ඇතැම් අය ජනතාව උසිගැන්වීමට හදනවා. ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බව අපි දන්නවා. සමහරු හිතන් ඉන්නවා අපි මේවා දන්නේ නැහැ කියලා. නොදන්නවා වගේ ඉන්නවාද කියලත් අහනවා. අපි මේ වෙලාවේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවලා හැමෝගෙම අදහස් අරගෙන මේ අර්බුදවලින් ගොඩ එන විදිහේ වේදිකාවක් නිර්මාණය කරන්නට කටයුතු කළා.’
විරුද්ධ පක්ෂයේ වුණත් හොඳ ප්‍රායෝගික අදහස් අරගෙන ඉදිරියට යන්න අපි හැමවෙලේම සූදානම් බවත් මේ අවස්ථාව දේශපාලනය ගැන නොව රට ගැන සිතා සියලු දෙනා වැඩ කළ යුතු වෙලාවක් බවත් පැවසූ අගමැතිවරයා, මේ නිසා සර්ව පාක්ෂික සමුළුවට නොපැමිණි අයට ඊළඟ වතාවේ එක්වන්නැයි ආරාධනා කරන බවත් ඔහු පවසා ඇත.