පේරාදෙණිය රෝහලේ සැත්කම් යලිත් පටන් ගන්නවා! ගැටලුව ඉන්දීය විදේශ කටයුතු ඇමතිගේ අවධානයට!

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සාමාන්‍ය සැත්කම් සිදුකිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ ඖෂධ හිගය විසදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති නිසා සැත්කම් සිදුකිරීම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසා ඇති බව දිවයින වාර්තා කර ඇත.

ඒ අනුව නැවත් සාමාන්‍ය පරිදි සැත්කම් සිදුකිරීමට මාර්තු 28 සිට ආරම්භ කරන බවද ඒ මහතා පවසා ඇත.

තවද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය ජේ. ජයිශංකර් මහතා පේරාදෙනිය ශික්ෂණ රෝහලේ ශල්‍ය කර්ම නතර කිරීම පිළබදව retweet කර ඇති අතර. ඒ මහතා පවසා ඇත්තේ මෙම තත්ත්වය ඉතා කණගාටුදායක බවත්, එබැවින් අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාවට මේ සම්බන්ධයෙන් උපකාර කළ හැකි ආකාරය පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන් බවත්ය.