ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව ඩේලි මිරර් වාර්තා කරලා.
ආරංචිමාර්ග උපුටා දක්වමින් ඔවුන් ඒ බව වාර්තා කරලා තියෙනවා.
එය දෙරට අතර ස්වැප් එකක් හෙවත් මූල්‍ය හුවමාරු ගිවිසුමක් වනු ඇති බව කියනවා. මීට කලිනුත් ඒ වගේම මුදලක් ශ්‍රී ලංකාව ගත්තා.
ඒ වෙලාවේ මිලියන 500ක් ශ්‍රී ලංකාව ඉල්ලලා තිබුණා. ඒත් ඊට අඩු මුදලක් ලබා දුන්නා. ඒ වෙලාවේ බංග්ලාදේශය පළවැනි වතාවට තව රටකට ණය දුන් අවස්ථාවක් විදියට මහා ඉහළින් සැමරුවා.
මේ විදියට ගියොත් විදේශ නායකයන් ලංකාවෙ සමුළුවකට එන්නත් බය වෙවි. ජාත්‍යන්තර සමුළුවකදී රාජපක්ෂ කෙනෙක් දැක්කත් හැංගේවි.
අපේ රටේ පාලකයන් මේ අර්බුදය අපට විතරක් නෙවෙයි, ලෝකෙටම එක සමානව ආපු අර්බුදයක් විදියට හැඳින්වුවත් අපට බොහෝ දුරට සමාන තත්වයන් ඇති බංග්ලාදේශය වගේ අපේ කලාපයේම රටක් තව රටකට ණය මුදල් දෙන්න තරම් ස්ථාවර තත්වයක සිටීම ආණ්ඩුවේ උක්ත තර්කයට සම්පූර්ණ පරස්පර කාරණයක්.