ඉඩම් නඩුවට ගියේ නැහැ කියා, අවුරුදු 72ක පුද්ගලයෙක් අත්අඩංගුවට

ඉඩම් නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟහැරි බව චෝදනා කරමින් වයස අවුරුදු 72ක් වයසැති පුද්ගලයෙකු කන්දකැටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව දිවයින පුවත්පත වාර්තා කර ඇත.

මාර්තු 27 වන දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් තිබූ ඉඩම් නඩුවකට ඉදිරිපත් නොවී අධිකරණය මග හරිමින් සිටිනවා යැයි ලද තොරතුරක් මත කන්දකැටිය පොලිසියේ නිලධාරීහු පිරිසක් සිදුකළ වැටලීමකින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ සදහන් කර ඇත.