2019 ජනවාරි සිට 2021 ජුනි දක්වා ආයතන 89 කින් අවස්ථා 1014 කදී දුඹුරු සීනි ගෙන්වා තිබුණු අතර එයින් විස්තරාත්මක නියැදි පරික්ෂා කර ඇත්තේ අවස්ථා 49ක පමණක් බවත් නිෂ්පාදන ආයතන 36 කින් අවස්ථා 1522දී සන්නාම නාම 48ක් යටතේ ගෙන්වා ඇති ටින්මාළු සදහා කිසිදු නියැදි පරික්ෂාවක් සිදු කර නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක් මගින් හෙළි කර ඇත.
මෙම වාර්තාව 2022 පෙබරවාරි 24 දින නිකුත් කර ඇත.
ප්‍රමිති ආයතනයේ මාර්ගෝපදේශ අනුව භාණ්ඩ ආනයනයේදී නිෂ්පාදන ආයතන ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි අනූකුලතා සහතිකයක් ලබාගෙන ඇත්නම් නියැදි පරීක්ෂාවකින් තොරව විකිණිමට හෝ භාවිතා කිරිමට අනුමැතිය ලබා දෙන බවත්, තොග ගෙන්වනු ලබන අවස්ථා 05කට එක් අවස්ථාව බැවින් අහඹු පරීක්ෂාවන් සිදු කළ යුතුය.
නමුත් දුඹුරු සීනී ආනයනය කළ කිසිදු නිෂ්පාදකයෙකු ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි අනුකූලතා සහතිකයක් ලබා ගෙන නැති බව විගණන වාර්තාවෙන් හෙළි කර ඇත.
ඒ අනුව තොග පරීක්ෂා කිරීමෙන් තොරව විකිණිම හෝ භාවිතයට ඉඩදෙනු ලබන අවස්ථා හතරටම අනූකුල නොවී දුඹුරු සීනි තොග ගෙන්වා තීබු අවස්ථා 31 කදී ඇමරිකන් ඩොලර් 2,391,388.95ක් වටිනා මෙට්‍රක් ටොන් 6323.3ක දුඹුරු සීනි තොග පරීක්ෂාවකින් තොරව නිදහස් කරගෙන ඇත.
ටින්මාළු සන්නාම නාම 48ක් යටතේ ගෙන්වා තිබුණු නිෂ්පාදකයන් 05 දෙනෙකු පමණක් සන්නම් නාම 20ක් සදහා පමණක් ලියාපදිංචි වී තිබුණු බවත් අනෙක් නිෂ්පාදකයන් ආයතන 31ක් යටතේ ඇමරිකන් ඩොලර් 92,205,253.54ක්වූ ටින්මාළු බහාළුම් 4,395,416ක් ගෙන්වා ඇති බවත් විගණන වාර්තාවෙක් හෙළි කර ඇත.