ශ්‍රී ලංකාව පත්වී ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා සියලු පක්ෂ එකතු වී රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ජාතික සම්මුතියක් ළඟදීම ඇති වන බව එජාප සභාපති වජිර අබේවර්ධන මාර්තු 28 වැනිදා ඉඟි කළා.
අබේවර්ධන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා තිබුණේ කාලීන අවශ්‍යතාවය පක්ෂ දේශපාලනය අමතක කර ජාතික සම්මුතියක් ඇති කර ගැනීම බව.
වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට හැකි හොඳම පුද්ගලයාට ජාතිය භාරදීමද අත්‍යවශ්‍ය බවත් ආර්ථිකය හසුරුවා ගත හැකි හොඳම පුද්ගලයා වික්‍රමසිංහ මහතා බවත් අබේවර්ධන කියා තිබුණා.
හිටපු අගමැතිතුමා ජාතියේ භාරකරු බවට පත්වේවි කියලා මට හිතෙනවා සහ දැනෙනවා යන අදහස ඔහු වැඩිදුරටත් කියා තිබුණේ රනිල් වික්‍රමසිංහට ඉදිරියේදී ප්‍රමුඛ තනතුරක් ලැබේවිද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
‘රුසියාවේ 1999 කාලේ රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා. ආචාර්ය උපාධියක් තියෙන කෙනා හදිසියේ අගමැති කළා. ඊට පස්සේ වැඩබලන ජනාධිපති කළා.’ යනුවෙන් ඔහු පුටින් වර්ණනාවකුත් කළා. ‘වගකීම ඉටු කළාම සමස්ත ජාතියම ඔහු වටේ පෙළගැහුණා. කළ හැකි පුද්ගලයා රනිල් වික්‍රමසිංහ නම්, අපි ඔක්කොම එතුමාට උදව් කළ යුතුයි.’
‘කළ නොහැකි අදූරදර්ශී කණ්ඩායම්, පුද්ගලයන් පසුපස දුවනවා නම් රට ගොඩගන්න බෑ.’ යනුවෙනුත් ඔහු කියනවා. ඡන්ද දිනන්න උත්සාහ කරන අය ඒ වෙනුවට තමන්ගේ හැකියාව ඔප්පු කරන්න ඕනෑ බවත් ඔහු කියා තිබුණේ.