ඉන්දියාවෙන් තව ඩොලර් ඉල්ලලා!

ලංකාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලා ඇති බව රොයිටර් මාර්තු 28 වැනිදා වාර්තා කරලා තියෙනවා.

රොයිටර් මූලාශ්‍ර දෙකකින් ඒ බව තහවුරු කරගත්තාලු.

2020 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත 70% කින් පහත වැටි ඇති බවත්, අත්‍යාවශ්‍ය ඉන්ධන සහ ආහාර  ආනයනය කිරීම සඳහා මුදල් ගෙවා ගත  නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව  පත් වී ඇති බවත් රොයිටර් දාලා තිබුණා.

මේ හේතුවෙන් රුපියලේ අගයද පහත වැටී ඇති බව රොයිටර් ප්‍රවෘත්තියේ සඳහන්.

මීට කලින් ඉන්දියාවෙන් සල්ලි ගන්නට ගිවිසුම් ගණනාවක් අත්සන් කරන්න සිද්ධ වුණා. තවත් සල්ලි ගන්න නම් මොනවා කරන්න සිද්ද වේවිද?