ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් 46කින් ලබා ගත් ජල සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒ අතර වූ පාසල් 09 ජල සාම්පල්වල මළ අපද්‍රව්‍ය කෝලී ආකර බැක්ටීරියා මුසු වී ඇති බවට විගණකාධිපති වාර්තාවකිත් හෙළි කර ඇත.
ශ්‍රි ලංකා ප්‍රමති කාර්යාංශයේ ප්‍රමිති අංක 614/2013 මඟින් පානීය ජලයේ තිබිය යුතු පරාමිතීන් හදුන්වා දී ඇත. පානීය ජල තත්ව ප්‍රමිති අනුව ජලයේ මළ අපද්‍රව්‍ය කෝලී ආකාර නොතිබිය යුතු බව ප්‍රමිති කොට ඇත.
2022 ජනවාරි 31 වැනි දින නිකුත් කළ විගණන වාර්තාවකින් මෙය හෙළි කර තිබුණි.
