දෙමළ ඩයස්පෝරාවට සෘජුව දායක විය හැකි උතුරු-නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීමට දෙමළ ජාතික සන්ධානයේ යෝජනාව ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිය ගැන තාක්ෂණික කරුණු ඇතුළත් ඉදිරි සාකච්ඡා කරන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවාලු.
ඒ වෙනුවෙන් අධිකරණ ඇමති අලි සබ්රි කරුණු සාකච්ඡා කරන්න සැලසුම් කරලාලු. දෙමළ ජාතික සන්ධානය සහ අලි සබ්රි ඇමතිවරයා සාකච්ඡා කරලා, කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන එන්න ඉඩ තියෙනවාලු.
සන්ඩේ ටයිම්ස් වෙත ඇමතිවරයා කියා තිබුණේ, ඒ වගේ ව්‍යාපෘතියක් කරනවා නම් සල්ලි ගලා එන්න ඕනෑ ශ්‍රී ලංකා රජයේ ආයතන හරහා බව. ඒ අනුව බාහිර පාර්ශ්ව හරහා සල්ලි ගෙන්වාගන්න එකඟ නැතිලු.
ඔහු සන්ඩේ ටයිම්ස් වෙත කියා තිබුණේ යුද්ධයෙන් පසුව මෙලෙස ඩයස්පෝරාමය දෙමළ ජනතාවගේ සල්ලි ගෙන්වන්නට සහන දීලා තිබුණ බව. බදුවලින් යම් නිදහස් කිරීම් ආදිය තිබුණාලු.
කොහොම වුණත් උක්ත අදහස ගැන සාකච්ඡා කළා මිසක්, තවම එකඟතාවක් නැති බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා තිබුණා.
‘සිංහලයන්ගේ ඡන්දයෙන් දින්නා’ කියලා කයිවාරු ගැසූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ දෙවැනියට බහුතරයක් වන දෙමළ ජනතාව නියෝජනය කරන ප්‍රධානම දේශපාලන පක්ෂය වෙච්ච දෙමළ ජාතික සන්ධානයට සාකච්ඡාවක්වත් නොදී අවුරුදු දෙකක් ගත වුණා. හොම්බෙන් යන ආණ්ඩුවක් බවට පත් වුණාට පස්සේ තමයි එම සන්ධානයට සාකච්ඡාවක් දෙන්න ජනාධිපතිවරයා එකඟ වුණේ. එතෙක් දැවැන්ත උද්දච්චකමක් එක්ක ටීඑන්ඒ සාකච්ඡා මඟහරින්න ජනාධිපතිවරයා කටයුතු කළා.
උක්ත සාකච්ඡාවේදී තවත් ප්‍රධාන කරුණු කිහිපයක් සාකච්ඡා කළාලු.
ත්‍රස්තවාදදය වැළැක්වීමේ පනත යටතේ හරිහැටි නඩුත් නැතිව දශකයකට එහා කාලයක් තිස්සේ රඳවාගෙන සිටින දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඒ අතර තිබුණාලු. ඇත්තටම මිනිහෙක් හිරේ දාලා නඩුවක් අහලා දඬුවම් කරන්නෙත් නැතිව දශකයකට එහා තියාගෙන ඉඳීමම දඬුවමක්. ඒ විදියේ 48 දෙනෙක් නිදහස් කරන්න රජය එකඟ වුණාලු.
මතක තියා ගන්න හිටපු ආණ්ඩුව ඕවා කරන්න හැදුවා නම්, ජාතිවාදී කතා පතුරුවන කට්ටිය තමයි අද ආණ්ඩුවේ ඉන්නේ.
උතුරු නැගෙනහිර ඉඩම් හමුදා අරමුණුවලට පාවිච්චි කරන එක නතර කරන්න කියලාත් ඉල්ලුවාලු. ඒක නතර කරන්න කියලාත් කීවාලු. ඕවා නං කටෙන් කියන කතා විතරයි.
ඒ වගේම යුද්ධයේදී භාර වූ අය සහ පසුව අත්අඩංගුවට ගත්ත අය අතුරුදන් වූ සිදුවීම් ගැන සාධාරණ, අපක්ෂපාතී පරීක්ෂණ කරන්න කියලාත් ඉල්ලුවාලු. ඇත්තටම දකුණේ ලලිත්-කූගන් වගේ අය අත්අඩංගුවේ ඉඳලා අතුරුදන් වූ අය. උතුරේත් මෙවැනි විශාල පිරිසක් ඉන්නවා.
රජය අතුරුදන්වූවන්ගේ පවුල්වලට ලක්ෂය බැගින් පිරිනැමුවාට, ඒ්ක අතුරු පියවරක් විතරයි. මිනිස්සුන්ට සල්ලිවලටත් වඩා අවශ්‍ය වෙන්නේ තමන්ගේ පවුලේ අයට සිද්ධවුණ දේ දැනගන්නයි.
කොහොම නමුත්, එවැනි යෝජනා ගැන එකඟතාවලට ආ බවක් සඳහන් වෙන්නේ නෑ.
මේ ගැන සන්ඩේ ටයිම්ස් වෙත අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා තිබුණේ, ආණ්ඩුව කරන කියන දේවල් මත තමන්ගේ ඉදිරි තීන්දු ගන්නා බව.