දිවා ආහාර පැකට් නිෂ්පාදනය සඳහා භාවිත කරන අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල දේශීය වෙළෙඳපොළේ 500% කින් ඉහළ යාම හේතුවෙන් දිවා ආහාර පැකට් අලෙවි කිරීමේ මිල ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත් කියා තියෙනවා.
දිනෙන් දින ලංකාවේ කෑම උයන්න ඕනෑ වෙන අමුද්‍රව්‍ය නැතිවෙමින් යන බව ඩේලි මිරර් වෙත ඔහු කියා තිබුණා.
මේ වෙද්දීත් වෙළඳපොළේ මාළු සහිත දිවා කෑම එකක් 280 ඉක්මවා තියෙන හැටි අපට අත්දකින්න ලැබුණා. ඒ මීට ටික කාලෙකට පෙර 120-160 අතර තිබුණ කෑම වේලක්. එක් එක් කඩවල විකුණන්නේ විවිධ මිල ගණන්වලට වන නිසා හරියටම ගණං හිලව් කියන්න අසීරුයි.
තුන්සිය ගණන්වලට තිබිච්ච කුකුළුමස් කිලෝව දැන් දාහක් විතර. පොල්තෙල් වගේම ගෑස් පවා මිල දරාගන්නට අමාරුයි.