අලුත් අගමැති කෙනෙක්ට අවුරුද්දෙන් පස්සේ කෑම හදන්න ලෑස්ති වෙන්න කියා අගමැති මහින්ද රාජපක්ෂ කිව්ව බවක්, වෙබ් අඩවි ගණනාවක් වාර්තා කරලා තියෙනවා.
මෙය රට කැලඹෙන ගොසිප් ප්‍රවෘත්තියක් බවට පත් වෙලා. යම්කිසි වෙනත් ප්‍රවෘත්තියක් යටපත් කරන්නට මේ ගොසිප් එක පතුරුවනවාද, නැති නම් ඇත්තටම එසේ කීවාද යන්න සැකයක් වන නමුත්, ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක මේක පළ වෙලා.
කෙසේ වෙතත් අපට නම් මේක තහවුරු කරගන්න හැකි වුණේ නෑ. අපගේ ආරංචි මාර්ග අනුව නම් මහින්ද රාජපක්ෂ තනතුර අත්හැරලා යන්න ලෑස්ති නෑ.
පසුගිය සතියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තනතුර අත්හරින්න සූදානම් බවට පුවතකුත් හුවමාරු වුණා. ඒත්, ඒක ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
කොහොම නමුත් ගොසිප් එකේ සඳහන් වන්නේ අගමැතිවරයා කුස්සියේ වැඩ කරන අය එක්ක සුහද කතාබහක යෙදුණාලු. ඒ අතරේලු අලුත් අවුරුද්දට පස්සේ අලුත් අගමැති ඒවි කියා කීවේ.
තමන්ට වැඩ කළා වාගේම අලුත් අගමැතිටත් හොඳින් සේවය කරන්න කියලා කීවාලු.
අලුත් අගමැතිවරයා එන්නේ රට තියෙන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ගන්න බවත් කීවාලු.
බොහෝ විට මේ ප්‍රවෘත්තියත් බොරුවක් බව කියමින් අගමැතිවරයාගේ පැත්තෙන් කවුරුහරි නිවේදනයක් දාන්න ඉඩ තියෙනවා.
මීට කලින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය බාර ගන්නා බවත්, ජාතික ආණ්ඩුවක් හදන බවත් ප්‍රවෘත්ති පළ වුණා. ඒත්, රනිල් වික්‍රමසිංහ ඒ කතාව ප්‍රතික්ෂේප කර තිබුණා.