කෙරවලපිටිය විදුලි බලාගාරය මාර්තු 24 වැනිදා උදේ ඉඳන් වසා දැමූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු කියා තියෙනවා.
ඉන්ධන නැතිකම වසා දැමීමට හේතුවලු. විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ලංකාදීපයේ යොහාන් බාසුර ඒ බව ලියා තිබුණා.
කෙළවරපිටිය මීට පෙරත් වසා තිබුණා. දවසට පැය ගණනක් විදුලිය කපන්නට එය හේතු වුණා. කෙළවරපිටිය මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් බලාගාරයක් තියෙනවා.
ආන්දෝලනයට ලක් වූ යුගදනවි ගිවිසුමේ කතාව එන්නේ කෙළවරපිටියේම හදන මෙගාවොට් 300ක එල්එන්ජී බලාගාරයක් ගැන. ඒත්, දැනට ක්‍රියාත්මක වන්නේ ඩීසල් බලාගාරයක්.