ඉකුත් 2018 වසරේ සැප්තැම්බර් මස 2 වැනිදා “සුරූපි හා විරූපි” යන නමින් මම මෙම තීරුවේ ලිපියක් ලීවෙමි. මේ සතියේ දී ඒ පිළිබඳවා කතා කිරීමට මට ම වැළැක්විය නොහැක්ක කි. මම ලෝකයේ ඇතැම් ආර්ථික දත්ත පිළිබඳව සොයමින් සිටියෙමි. එහිදි අනපේක්ෂිත අයුරින් 2021 වසරේ දෙසැම්බර් මාසය සඳහා ඉහළම උද්ධමන අනුපාතය වන සියයට 686 ක් සහිත රට දැකිමෙන් මම විශ්මයට පත් විමි. එම රට වෙනිසියුලාව යි! කෙසේ වෙතත් එය එම වසරේ අවම මාසික උද්ධමන අනුපාතය විය. ඊට පෙර මාසවලදී වෙනිසියුලාවේ මාසික උද්ධමන අනුපාතය සියයට 2,000ත් 3,000ත් අගයන් දක්වා වැඩි වී තිබිණි. වෙනිසියුලාව එරට ඉතිහාසයේ, වාර්තාගත සහ ඓතිහාසික උද්ධමන අනුපාතය වාර්තා කරන ලද්දේ 2019 වසරේ දී ය. එය සියයට 350,000ක් විය.
වසර 2018 දී මම වෙනිසියුලාවේ අධි උද්ධමන ප්‍රශ්නයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළෙමි. ඊට පසු වසරවලදී තත්ත්වය තවදුරටත් නරකට අතට හැරුණි. අද මම එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. වර්තමානයේ දී මේ අර්බුද සහ ප්‍රශ්නවලින් බැට කන්නේ අන් කවුරුවත් නොව වෙනිසියුලාවේ සාමාන්‍ය මිනිස්සු ය.
වෙනිසියුලාවට බොහෝ ඈතින් ලෝකයේ අනෙක් පැත්තේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් වන අපට වෙනිසියුලාවේ සිද්ධ වෙන කිසිම දෙයක් පිළිබඳව සැලකිල්ලක් දැක්වීමට හේතුවක් නැත. අපට වෙනිසියුලාව සමඟ වැදගත් ආර්ථික සම්බන්ධතා නැති අතර එබැවින් එරට කුමක් සිදු වූවත් එමඟින් අපේ රටේ ආර්ථිකයට සම්බන්ධයක් නැති තරම් ය.
වෙනිසියුලාවේ සුරූපිනියන් විශාල පිරිසක් රූප රාජිනි තරගවලදී රූප රාජිනියන් ලෙස කිරුළු පැලඳීම නිසා ශ්‍රී ලාංකිකයන් වෙනිසියුලාව ගැන දැන සිටිනවා විය හැකි ය. රූප රාජිනියන් වැඩිම පිරිසක් බිහි කළ “ලොව අංක එකේ රට” ලෙස වෙනිසියුලාව ප්‍රසිද්ධ ය. විශ්ව රූ රැජින ජයග්‍රාහිකාවන් හත්දෙනකු, ලෝක රූ රැජින ජයග්‍රාහිකාවන් හයදෙනකු, ජාත්‍යන්තර රූ රැජන සහ වෙනත් කිරුළු ජයග්‍රහණය කළ අට දෙනකු වශයෙන් එම සංඛ්‍යාව දැක්විය හැකි ය.
කෙසේ වෙතත් වෙනිසියුලාවේ සුන්දරත්වයට වෙනත් හේතු ද ඇත. වෙනිසියුලාව ලතින් ඇමරිකානු මහද්වීපයේ උතුරු කෙළවරේ පිහිටා ඇත. වෙනිසියුලාව උතුරින් කැරිබියානු මුහුද ට මායිම් වී ඇති අතර අනෙක් පැතිවලින් ගයානා, බ්‍රසීලය සහ කොලොම්බියාව යන රටවලින් වට වී ඇත. වෙනිසියුලාව සොබා සෞන්දර්යයෙන්, වන සතුන්ගෙන් සහ මනුෂ්‍යාගෙන් පිරි සෞභග්‍යමත් රටක් විය.
නරක/නොමනා ප්‍රතිපත්ති
වෙනිසියුලාව වරෙක අසල්වැසි රටවල් අතර ධනවත්ම රට විය. වෙනිසියුලව විටෙක ලොව තෙල් නිෂ්පාදනය කරන රටවල් අතර විශාලතම තෙල් නිධිය (තිබෙන බව ඔප්පු කරන ලද තෙල් නිධිය) වෙනිසියුලාව සතු විය. මෙය ඇත්තටම, වෙනිසියුලාවට ලොව ධනවත්ම රටවල් අතරින් එකක් වීමට මඟ පෙන්වූ ප්‍රධානම හේතු සාධකවලින් එකක් විය.
එහෙත් ගෙවුණු අවුරුදු 20 මුළුල්ලේ ම සියල්ලම අවුල් ජාලාවක් බවට පත්විය. වෙනිසියුලාවේ දේශාපලනය, එම රට ලොව අන්ත දුක්ඛිත තත්ත්වලට මුහුණ දෙන රටවලින් එකක් බවට පත් කළේ ය. තෙල් තිබේ නම් ඔබ ධනවත් යැයි කියන පිරිස්/එසේ සිතන මිනිස්සු වෙනිසියුලාව දෙස බැලිය යුතුම ය. තෙල්වලට වෙනිසියුලාව බේරාගැනීමට නොහැකි විය. එරට පාලකයන් අනුගමනය කළ නරක හා නොමනා ආර්ථික ප්‍රතිපත්ති වෙනිසියුලාවේ ආර්ථිකය ලෝකයෝ අන්තම දුක්ඛිත තත්ත්වයකට ගෙනාවේ ය. ඒ අවස්ථාවේ වෙනිසියුලාව බේරාගැනීමට තෙල්වලට නොහැකි විය.
වෙනිසියුලාවේ සුන්දරත්වය දැන් දියවි ගොස් ඇත. රටක් විදියට වෙනිසියුලාව දැන් ලෝකයේ අවධානය දිනාගන්නේ එරට ඇති සුන්දරත්වය නිසා නොව රට මුහුණ දී සිටින දැවැන්ත මානුෂීය ව්‍යවසනය නිසා ය. මේ සියල්ල එක රැයින් ඇති වූයේ නැත. මේ තත්ත්ව එක රැයකින් වෙනස් වූයේ නැත. සෞභාග්‍යයේ සිට දුර්භාග්‍යයට නැතිනම් දුක්ඛිත තත්ත්වයට පත්වීමට වසර 20කට වැඩි කාලයක් ගියේ ය. මෙය ආරම්භ වූයේ 1999 වසරේ දී ය. ජනාධිපතිවරුන් දෙදෙනකු යටතේ මෙය සිදුවිණි. වෙනිසියුලාවේ ආර්ථික ව්‍යවසනයට ලෝක වෙළෙඳපොළ තෙල් මිල කඩා වැටීම ද හේතු විය.
දේශීය වෙළෙඳපොළේ භාණ්ඩ හිඟය නිසා එවකට සිටි ජනාධිපතිවරයා (2010 වසරේ දී) ආර්ථික යුද්ධයක් ප්‍රකාශයට පත් කළේ ය. එහෙත් එමඟින් ආර්ථික කඩා වැටීමේ වේගය අඩු කිරීමට නොහැකි විය. උත්ප්රාස ජනක කාරණය නම් කඩා වැටීමෙන් වසර 10කට පසුවත් වෙනිසියුලාවේ ආණ්ඩුව මෙම අර්බුදය නොපිළිගැනීම යි. නොපිළිගත්තා පමණක් නොව පිළිගැනීම ප්‍රතික්ෂේප ද කළේ ය. වසර 2019 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාව ඇතුළු ජාත්‍යන්තර වාර්තා ගණනාවකින් මේ බව පෙන්වා දී තිබිණි. එහෙත් ආණ්ඩුව ඒ කිසිවක් නොපිළිගත්තේ ය. ආහාර මිල ගණන් අහස උසට ඉහළ යද්දි මිල පාලන ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ ය. අධි උද්ධමනය හමුවේ ඒවා පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකි වය.
“බිංදු” කපාහැරීම
දික් ගැස්සුණු අධි උද්ධමනයට ප්‍රතිචාරයක් වශයෙන් වෙනිසියුලානු මූල්‍ය අධිකාරිය අවස්ථා කිහිපයකදී ම මුදල් ඒකකය වෙනස් කරන ලදි – වෙනිසියුලාවේ බොලිවාර් මුදල් ඒකකය සහ එහි විනිමය අනුපාතය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට ස්ථීර කරන ලදි. එනම් විනිමය අනුපාතය ස්ථීර අගයක පවත්වා ගන්නා ලදි. මුල් බොලිවාර් මුදල් ඒකකයේ කේතය වී.ඊ.බී (වෙබ්- VEB) නම් වූ අතර ඒ වෙනවුට නව බොලිවාර් මුදල් ඒකකයක් හඳුන්වා දෙන ලදි. එය බොලිවාර් ෆුවර්ටේ (bolívar fuerte) නමින් හැඳින්විණි. එහි කේතය වී.ඊ.එෆ් (වෙෆ් – VEF) නම් විය. වසර 2008 ජනවාරි මාසය වන විට වී.ඊ.බී (වෙබ්- VEB) 1,000ක් වී.ඊ.එෆ් (වෙෆ් – VEF) එකකට සමාන විය. (VEB 1,000 = VEF 1) අනෙක් වචනවලින් කිවහොත් මුදල් ඒකකය මඟින් කරන ලද්දේ කලින් ඒකකයේ තිබූ බිංදු තුන කපා හැරීම ය.
එය උද්ධමන ප්රශ්නය විසඳුවේ නැත. එහෙත් එය මහජනතාවට මිලියන ගණන් වෙනුවට දහස් ගණනින් ද, බිලියන ගණන් වෙනුවට මිලියන ගණනින් ද ගණන් කිරීම පහසු කළේ ය. වෙනිසියුලාව 2016 වසරේ දී අධි උද්ධමන කාල පරිච්ඡේදයකට ඇතුළත් විය. මේ දක්වා පවතින්නේ එය යි. අධි උද්ධමනය නිසා දේශීය ව්‍යවහාර මුදල් ඒකකයේ අගය/වටිනාකම වේගයෙන් අඩු විය. මේ නිසා නව මුදල් ඒකකය වන වී.ඊ.එෆ් (වෙෆ් – VEF), මඟින් ද මිනිසුන්ට මිලියන හා බිලියන ගණනින් ගෙවීමට සිදුවිය.
පරණ බොලිවාර් (වී.ඊ.එෆ් (වෙෆ් – VEF)) 100,000 කට සමාන වන ලෙස ස්වෛරීත්ව බොලිවාර් හෝ බොලිවාර් සොබෙරානෝ (වී.ඊ.එෆ්) පිළිගැනීමට වෙනිසියුලාවේ මහ බැංකුව 2018 වසරේ දී තීරණය කළේ ය. මෙය පරණ මුදල් ඒකකය වන (වෙෆ් – VEF) හි අග බිංදු පහ කපා දමා එය වී.ඊ.එස් (VES) ලෙස නම් කිරීම හා සමාන ය. ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ දී බොලිවාර් මුදල් ඒකකයේ අවසන් බිංදු හය කපා දමන ලදි. එමඟින් වී.ඊ.එස් (VES) මිලියනයක්, වී.ඊ.එස්! (VES) එකකට සමාන කරන ලදි.
විනිමය අනුපාතය ගැන කුමක් කියන්න ද ? නිල වශයෙන් ගත් විට, බොලිවාර් හි විනිමය අනුපාතය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට සාපේක්ෂාව ස්ථීර අගයක පවත්වාගෙන යයි. මෙය ඉංග්‍රීසි බසින් පෙග්ඩ් (pegged) යනුවෙන් හඳුන්වයි. කෙසේ නමුත් ව්‍යවහාර මුදල් ඒකකයේ වෙනස්වීම්/විවර්තන මෙන්ම එය අවප්‍රමාණය වීම හේතුවෙන් මෙම ස්ථාපිත කරන ලද (ස්ථීර) අගය අඛණ්ඩව වෙනස් විය. උද්ධමනය මඟින් ඇති කරන පීඩනය හෝ තරගකාරී නොවන වෙළෙඳ සම්බන්ධතා හෝ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල ස්ථීර විනිමය අනුපාතික නිරන්තරයෙන් අධිතක්සේරුවට ලක්වෙයි. එසේ නම් අඛණ්ඩව පැවැති අධි උද්ධමනයත් සමඟ වෙනිසියුලාවේ බොලිවාර් මුදල් ඒකකය, ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලර්වලට එරෙහිව මුහුණ දුන්නේ කෙසේ ද ? කෙටියෙන්ම සඳහන් කරන්නේ නම්, පසුගිය දශකයක කාලය තුළ ඇමෙරිකානු ඩොලරයකට ගෙවූ ඉතා කුඩා බොලිවාර් ප්‍රමාණය කාලයත් සමඟ මිලියන ගණනක් දක්වා වැඩි විය. අද වනවිට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව බොලිවාර් අගය දැඩි ව ඉහළ ගොස් ඇත. අනෙක් අතට බොලිවාර් මිලියන ගණනක් දක්වා අවප්‍රමාණය වී ඇත. අධිතක්සේරුවට ලක්වූ බොලිවාර් මුදල් ඒකකය විදේශීය මුදල් සඳහා (කොටින්ම ඩොලර්) සඳහා කළු වෙළෙඳපොළක් (බ්ලැක් මාර්කට්) නිර්මාණය කර ඇත.
මානුෂීය ව්‍යවසනය
එවැනි ශීඝ්‍රගාමී මිල වැඩි වීමකින් වෙනිසියුලාවේ වෙසෙන මිලියන 28ක ජනගහනයට සිදුවන බලපෑම කුමක් ද ? වෙනිසියුලාවේ ජනගහනයෙන් සියයට 90කට වැඩි පිරිසක් දරිද්‍රතාවයට ගොදුරු වී ඇතැයි පැවසේ. ජනගහනයෙන් හතරෙන් එකකට මානුෂීය ආධාර අවශ්‍ය බව කියැවේ. මිනිස්සු කුණු ගොඩවල්වල ආහාර සෙවීම දැන් අසාමාන්‍ය දර්ශනයක්/සිදුවීමක් නොවේ. අපරාධ මැඩපැවැත්වීමට දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත. වෙනිසියුලාවේ මිලියන 28 ක ජනගහනයෙන් මිලියන පහකට වැඩි පිරිසක් රටින් පැන ගොස්/රට අත්හැර දමා ගොස් ඇත. බොහෝ පිරිසක් පා ගමනින්, වැඩි වශයෙන් අසල්වැසි රටවල් දෙකක් වන බ්රසීලයටත් කොලොම්බියාවටත් පැන ගොස් ඇත.
අසල්වැසි රටවලට යන කිලෝමීටර් 1,000 වඩා දීර්ඝ මාර්ග වෙනිසියුලානු සංක්‍රමණිකයන්ගේ පෝලිම්වලින් පිරී ඇත. ඔවුහු එම රටවලට ඇවිදගෙන යති. පාගමනින් ගමන් කිරීමෙන් කියැවෙන්නේ ප්‍රවාහන සේවාවලට ගෙවීමට ඔවුන් සතුව මුදල් නැති බව ය. මෙසේ ඇවිද යන්නේ දුප්පත් ජනතාව ය. ධනවත් සංක්‍රමණිකයන් මෙක්සිකෝව, ඇමෙරිකා එක්සත් ජනපදය, උතුරින් පිහිටි කොස්ටරිකාව, සහ ඉක්වදෝරය, පේරූ, ආර්ජන්ටිනාව, සහ දකුණින් චිලී යන රටවලට පලා ගොස් ඇත. තවත් සංක්රමණිකයෝ බෝට්ටු මඟින් මුහුද හරහා කැරිබියානු දූපත්වලට ගමන් කරති.
ආර්ථික විනාශය, දේශපාලන විනාශයට ද හේතු වී ඇත. වසර 2018 දී වෙනිසියුලාවේ මැතිවරණයක් පැවැත්විණි. එම මැතිවරණයේ ප්‍රතිඵල නීතිවිරෝධී යැයි වෙනිසියුලාවේ විපක්ෂය අවධාරණය කර ඇත. එහෙත් හමුදා බලය භාවිත කරමින් ජනාධිපතිවරයා බලයේ සිටීමට උත්සාහ ගන්නා අතර විපක්ෂය මර්දනය කරයි. ඇත්තටම සඳහන් කරන්නේ නම්, නිවැරැදි දේ කුමක්දැයි තීරණය කරන ප්රජාතන්ත්රවාදී ආයතන ආණ්ඩුවේ හස්ත බවට පත්වී ඇත.
දුර වැඩි යි, ගැඹුරු වැඩි යි
මේ වන විට ලෝක වෙළඳපොලේ තෙල් මිල ගණන් තෙල් නිෂ්පාදනය කරන රටවලට වාසිදායක තත්ත්වයකට හැරී තිබේ. මෙම අවස්ථාවේදීම පෞද්ගලික සහභාගීත්වයක් ඇති රාජ්‍ය තෙල් සමාගම් තෙල් නිෂ්පාදනය දෙගුණ කිරීම සඳහා නව ගනුදෙනුවලට එළැඹෙනු ඇත.
එහෙත් මෙය කතාවේ අවසානය නොවිය හැකිය. අයහපත් ආර්ථික ප්‍රතිපත්ති හා අයහපත් පාලනයේ දෑත්/හස්ත තුළ තෙල් පවා වෙනිසියුලාවට සාපයක් වී ඇත. වෙනිසියුලාවට ආශීර්වාදයක් විය හැකිව තිබූ තෙල් සාපයක් බවට පත්ව තිබේ. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් නැවත වරක් වර්ධනය වෙමින් තිබේ. මේ හේතුවෙන් නිෂ්පාදනය දෙගුණ වනු ඇති අතර මේ නිසා ලොව තෙල් නිෂ්පාදනය කරනවලට හුස්ම ගැනීමට ඉඩක් ලබාදෙනු ඇත. ආර්ථිකය නැවත යථා තත්ත්වයට ගෙන එන සහ නිවැරැදි මාර්ගයට ගැනෙන සහ නිෂ්පාදකයාගේ සහ පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගන්නා නිවැරැදි හා දූරදර්ශ ප්‍රතිපත්ති සහ රෙගුලාසි නොමැතිව මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත නොහැක. තෙල් මිල වැඩිවීමෙන් වාසනාව හොයාගැනීමට නම් ඉහත සඳහන් කළ දේ කළ යුතු ය. මෙම කාරණයේ දී නැගෙන ප්රශ්නය වනුයේ කරුණු කාරණා වඩාත් දුරදිග ගොස් ඇති විට වැරැදුණු තැනෙත් ආරම්භ කිරීමකින් තොරව ආර්ථිකය ආපසු යථා තත්ත්වයට පත් කිරීම ඉතා දුෂ්කර වීමය.
2022 පෙබරවාරි මස 13 සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපියේ සිංහල පරිවර්තනයකි.
පරිවර්තනය –