දැනටමත් ඉන්දියාවෙන් ආනයනය කර වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1500ක් පමණ මුදා හැරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක ඉන්දීය ණය මාර්ගයක් භාවිත කිරීමට උත්සාහ ගනිද්දී, ඇතැම් නැව්කරුවන් ඉන්දීය රුපියල්වලින් ගෙවීමට සූදානම් නැති නිසා බාධා එල්ල වූ බව ප්‍රකාශකයෙක් කිව්වාලු.
මේ බව ඩේලි මිරර් වාර්තා කරලා තියෙනවා.
ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය කෑම, බෙහෙත් ආදිය ගෙන්වාගන්න කියලා තමයි ක්‍රෙඩිට් ලයින් ගිවිසුමකින් ණයක් ගත්තේ. ගිවිසුමෙන් පස්සේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කිව්වා ලංකාවට දැනටමත් ආපු බඩු නිදහස් කරන්න මේ ක්‍රෙඩිට් ලයින් එක පාවිච්චි කරන්න කියා උපදෙස් දුන් බව.
ඒ වුණාට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා තිබුණේ ක්‍රෙඩිට් ලයින් එක පාවිච්චි කරන්නට ගොඩක් ‘ෆෝමැලිටීස්’ හෙවත් නියමයන් සම්පූර්ණ කරන්නට තියෙන විත්තිය.
ඩොලර්වලින් ඉන්දියාව සල්ලි දුන්න බව කීවාට, නැව්වලට ගෙවන්න සිද්ධවෙලා තියෙන්නේ ඉන්දියන් රුපියල්වලින් බව ඔහු කියනවා.
ඒත් සමහර නැව්කරුවන් ඉන්දියන් රුපියල් බාර ගන්නේ නැති බවත්, ඩොලර් ඉල්ලන බවත් ඔහු කියනවා. ඒ අනුව වරායේ හිරවෙච්ච භාණ්ඩ මුදාගනිද්දී, ඩොලර් නැති ප්‍රශ්නය තියෙන බවත්, ඉස්සරහට මේ තත්වය වෙනස් වෙන්න ඉඩ තියෙන බවත් ඔහු කියනවා.
ඔහුගේ කතාවෙන් ඉඟි වෙන්නේ මේ කියන ‘ෆෝමැලිටීස්’ ඉවර වුණාට පස්සේ භාණ්ඩ නිදහස් කරගන්න පුළුවන් බව වෙන්න ඇති.
කොහොම නමුත් මේ ගැන ආනයනකරුවන් සහ රජය අතර මුදල් අමාත්‍යාංශයේ සාකච්ඡාවක් තිබුණා. ඒ වගේම ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයටත් ගිහින්, භාණ්ඩ සැපයුම ගැන ලිපිලේඛන සෑහෙන සම්පූර්ණ කරන්න සිද්ධවෙනවාලු මේ ක්‍රමය ආනයන කරද්දී. අනුමැතිය ලැබූ සැපයුම්කරුවන්ටලු මේක පාවිච්චි කරන්න වෙන්නේ.
මීට අමතරව ඔය ආනයන කරන භාණ්ඩවල මිලත් ඉහළ යන බව ආනයනකරුවන්ගේ සංගමයෙන් කියා තියෙනවා. ඒ ඉහළ යෑම සීයට 30-40 අතර වේවි..
දැනටමත් තොග වෙළෙඳ පොළේ පරිප්පු කිලෝවක් 375-380 දක්වා ඉහළ ගිහිල්ලා. සීනි, සහල් සහ කුළුබඩු වර්ගවල මිල ද එලෙසම ඉහළ ගිහින්.
ආනයනික සහල් කිලෝවක් රුපියල් 130-160 අතර ගාණටලු යන්නේ.