ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලංකාවේ භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳ නිකුත් කළ විශේෂ වාර්තාවක සඳහන් වෙන්නේ මැලිබන් සමාගම විකුණන ‘මේද රහිත කිරිපිටි’ වෙළඳනාමයක් ජනතාවට සාවද්‍ය තොරතුරු දැන්වීම්වලින් ප්‍රචාරය කරන බවත්, ඒ බොරුවට ප්‍රමිති සහතිකය දීම එස්එල්එස් හෙවත් ප්‍රමිති කාර්යාංශය ප්‍රතික්ෂේප කර ඇති බවත්.
ඒත්, ප්‍රමිති කාර්යාංශයේ එස්එල්එස් සහතිකය නැතිව, ‘සහතිකය තියාගෙන ගහගනිං…’ කියා හිතාගෙන මැලිබන් සමාගම ‘කිරි වීදුරු දෙකක් බිව්වම මාර ඇඟක් ලැබෙනවා’ වගේ ප්‍රචාරයන් කරගෙන ආතල් එකේ කිරිපිටි විකුණන බවත් විගණකාධිපති වාර්තාවෙන් හෙළි වෙනවා.
ඒ කියන්නේ තමන්ගේ කිරිපිටි ගැන මිනිස්සුන්ව නොමඟ යවන දැන්වීම් දාගෙන බඩුව විකුණනවා. මේක ඇවිල්ලා විගණකාධිපති වාර්තාවේ සඳහන් එක සිද්ධි උදාහරණයක්. එතැනින් එහාට ගිහින් භාණ්ඩ කීයක් බොරුව දාලා, ඒ බොරුවට එස්එල්එස් සහතිකේ නැතිව භාණ්ඩ විකුණනවාද?
ඒත්, තමන් ඉස්සරහට ඇවිත් ඒ නොමඟ යවන දැන්වීම් ගැන සහතිකේ ඉල්ලුවාම නොදුන්න ප්‍රමිති කාර්යාංශය, එයින් පස්සෙත් ජනතාව නොමඟ යවමින් ඒ භාණ්ඩාය මාකට් එකේ විකිණීම ගැන කිසිම පසු පියවරක් අරන් නැහැ.
එතකොට ප්‍රමිති කාර්යාංශයක් මොකටද? ඒකේ සහතිකය නැතිව වුණත් බඩු විකුණන්න මැලිබන් වගේ කම්පැණිවලට පුළුවන්ද?
විගණකාධිපති වාර්තාවෙන් උපුටාගත් කොටස පහතින්.
‘මැලිබන් කිරි නිෂ්පාදන (පුද්) සමාගම විසින් මැලිබන් නන්ෆැට් මිල්ක් පව්ඩර් යන සන්නම් නාමය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබා ගැනීමට 2011/07/26 වන දින අයදුම් කර ඇති නමුතත් ආහාර රෙගුලාසි 2005 අනුව අදාල නිෂ්පාදනයන්හි ලේබලය සඳහා ලේබලයෙහි අඩංගු ‘ෆිට් ඇන්ඩ් ස්ලිම් ටිප්ස් ඉන්ක්ලෝස්ඩ්’ යන්නද, දිනපතාම මැලිබන් නන්ෆැට් කිරි වීදුරු දෙක් පානය කිරීම නිරෝඝී ශක්තිමත් මනා හැඩැති සිරුරක් පවත්වා ගැනීමටත් හොඳ අතත්වැලක් වනු ඇත (සිංහල හා ඉංග්‍රීසි) යන්නද කවරයෙහි ඉදිරිපස හා පසුපස ඇති සිහින් සිරුරු සහිත පුද්ගලයන්ගේ රූපමය ඉදිරිපත් කිරීම ලේබලයෙන් ඉවත් කිරීමද යන වෙනස්කම් සිදුකර ප්‍රමිති සහතිකය ලබා ගන්නා ලෙස ප්‍රමිති ආයතනය විසින් දැනුම් දීම හේතුවෙන් 2019/01/31 දිනැති ලිපිය මගින් එස්එල්එස් ප්‍රමිති සහතිකය ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය ඉදිරියට ගෙන යෑම අවශ්‍ය නොවන බව නිෂ්පාදන ආයතනය දන්වා තිබුණි. කෙසේ වෙතත් ඉහත වෙනස්කම්වලින් තොරව මැලිබන් නන්ෆැට් මිල්ක් පව්ඩර් යන සන්නම් නාමය සහිත නිෂ්පාදදනය මේ වන විටත් වෙළඳපොලෙහි අලෙවිය සඳහා ඉදිරිපත් කර ඇති බව නිරීක්ෂණය විය.’