ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මාර්තු 22 වැනිදා ඒ තනතුරෙන් ඉල්ලා අස්වෙන බව ජනාධිපතිට දැනුම් දෙමින් ලියුමක් යවලා.
ඔහුගේ අමාත්‍යාංශ ලේකම්වරයා එක්ක වගේම ඔහුට අයිති විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු එක්ක දිගින් දිගටම ගැටීම් තිබුණා. ඔහුගේ රාජ්‍ය අමාත්‍යාංශය තිබුණේ ජොන්ස්ටන්ගේ අමාත්‍යාංශය යටතේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අය හමුවේ ජොන්ස්ටන් කියන්නේ මහා දේශපාලන බලවතෙක්. ඇත්තටම පොහොට්ටුවේ රාජපක්ෂ පවුල හැරුණාම බලවත්ම පුද්ගලයා ජොන්ස්ටන් ලෙස හැඳින්වුවත් වැරදි නැහැ.
තමන්ගේ අමාත්‍යාංශයේ වගකීම් ඉටු කරද්දී මුහුණදෙන්න සිදු වූ ප්‍රධාන ගැටලු කිහිපයක් ගැන ජනාධිපතිවරයාට පෙබරවාරි 22 දින ලියුමක් යොමු කරපු බව ලාන්සා අස්වීමේ ලියුමේ මතක් කරනවා. ඒ ලිපියේ කියපු කරුනු එහෙම්මම සිදුවෙන බව ඔහු පෙන්වලා.
ඒ කියන්නේ ගෝඨා ලාන්සාගේ ලියුම ගණං අරගෙන නෑ කියලා.
‘හෘදය සාක්ෂිය තනතුරුවලට වඩා වැදගත්’ කියලයි ඔහු අස්වෙන්නේ. හෙට ඔහු පොහොට්ටුවේම ඉඳීවිද? නැත්නම් සජබට සෙට් වේවිද? එහෙමත් නැත්නම් ශ්‍රීලනිපය පැත්තට මාරු වේවිද කියන එක බලා ඉනන වටින දෙයක්. කෙසේ වෙතත් ලාන්සා වගේ කෙනෙක්ව වුණත් බාරගන්නට සජබ ලෑස්ති බව නං පැහැදිලියි. මොකෝ, තිස්ස අත්තනාකවත් බාරගත්ත පක්ෂයනේ.