අපිට ‘හූ’ තිබ්බොත්, අපිත් නිකම් ඉන්නෙ නෑ! ජොන්ස්ටන්ගෙන් තර්ජනයක්!

ඇමැතිවරු ගම්වලට ගිය විට ජනතාව හූ තියන බවට ඇතැම් ඇමැතිවරු ප්‍රකාශ කළද ජනතාව ලේසියෙන් ‘හු’ තියන්නේ නැති බවත්  ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ට සහ ජනාධිපතිවරයාට ‘හූ’ තියන්න උත්සහ කළහොත් ආණ්ඩුව එය බලාගෙන සිටින්නේ නැති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා තිබුණී.

මාර්තු 21 වන දින බලපිටියේදී පැවැත්වූ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා එසේ පවසා තිබුණී.

ගෑස් නෙවෙයි, තෙල් නෙවෙයි, අපිට මරණයයි නියම වෙලා තිබුණේ. ජනාධිපතිතුමා අපිව මරණයෙන් අපිව ගොඩ ගත්තා.

‘අපෙන් අහයි ගෑස් ගේන්න සල්ලි නැත්නම්, තෙල් ගෙන්න සල්ලි නැත්නම්, කොහොමද මේ පාලමට ලක්ෂ 10000ක් වියදම් කරන්නේ කියලා. තෙල් ගේන්නේ ඩොලර්වලට, ගෑස් ගේන්නේ ඩොලර්වලට. අහන්නේ මේවලට සල්ලි කොහෙන්ද කියලා. මේවට සල්ලි තියෙන්නේ, අපේ ජනාධිපතිතුමා නිවැරදි දැක්ම,නිවැරදි වැඩපිළිවෙළක් ඇතිව මේ රට පාලනය කරන නිසා.එකක් එතුමා දූෂණය නැති කළා. අනෙක් එක එතුමා කියනවා නාස්තිය අඩු කරනවා කියලා. ඒ නිසා තමයි, බදුවල ගත්ත නිවැරදි තීන්දු තිරණ නිසා තමයි. අද අපේ රටේ මේ දේශිය ආර්ථිකයට හානියක් වෙලා නැත්තේ. අද අපිට ප්‍රශ්ණ තියෙනවා. අපි නැහැ  කියන්නේ නැහැ. මිනිස්සු බනිනවා. මිනිස්සු පීඩනයට පත් වෙලා තියෙන්නේ. හැබැයි මේ ඔක්කෝම තාවකාලික ඒවා.

ලේසියෙන් හූ තියන්න එන්නෙනත් නැහැ. හූ තියන්න ආවොත් අපි ඉතිං නිකං ඉන්නෙත් නැහැ කියලා බොහෝම ආදරයෙන් මතක් කරනවා.

ගෑස් නෙවෙයි, තෙල් නෙවෙයි, අපිට මරණයයි නියම වෙලා තිබුණේ. ජනාධිපතිතුමා අපිව මරණයෙන් අපිව ගොඩ ගත්තා. අපිව බේරගත්තා. අනිවාර්යයෙන්ම  මේ තෙල්,ගෑස් ප්‍රශ්ණය රජය සති කිහිපයක් ගිය ගමන් විසදනවා කියලා අපි ඉතා ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා.

අපේ ගෙවල් වටලන්න ඉස්සෙල්ලා අපි පෙන්නුවා. ඒගොල්ලන්ගේ කාර්යාලය වටලන්න හයිය අපිට තියෙනවා කියලා.

හුඟක් අය කියන්නේ අපි ගම්වලට ආපු ගමන් හූ කියනවා කියලා. මම නම් හිතන්නේ නැහැ. මේ දකුණේ ඉන්නේ, මේ රටට ආදරය කරන හැටනම ලක්ෂයකට ආදරය කරන ජනතාවක්. ලේසියෙන් හූ තියන්න එන්නෙනත් නැහැ. හූ තියන්න ආවොත් අපි ඉතිං නිකං ඉන්නෙත් නැහැ කියලා බොහෝම ආදරයෙන් මතක් කරනවා.

මේ වගේ ජනාධිපති කෙනෙක් ලංකා ඉතිහාසයේම බිහි වුණේ නැහැ.

හිරුණිකා ඇවිල්ලා ජනාධීපතිතුමාගේ ගෙදර ගාවට ගියාම, අපේ කෝට්ටේ මන්ත්‍රිත්‍රමා ස්වකැමැත්තෙන් තනියම එතනට ගිහිල්ලා. අපේ ගෙවල් වටලන්න ඉස්සෙල්ලා අපි පෙන්නුවා, ඒගොල්ලන්ගේ ලොකුම ගෙදර, ඒගොල්ලන්ගේ කාර්යාලය වටලන්න හයිය අපිට තියෙනවා කියලා.

අපේ ජනාධිපතිතුමා බොහොම මනුස්සකමින් දේශපාලන කරන්නේ. මේ වගේ ජනාධිපති කෙනෙක් ලංකා ඉතිහාසයේම බිහි වුණේ නැහැ. ජනාධිපති කාර්යාලය ඇතුලට එන්න, අඩි 10ක් තියෙද්දි, ගේට්ටවෙනුත් මෙහාට එනකම්, නියපොත්තකටවත් තුවාලයක් කරන්නේ නැතිව දිසානායක මහත්තයලාගේ කට්ටියව ආපහු යැව්වා. ඒ වගේ ජනාධිපති කෙනෙක් ඉන්නවා නම් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි.