පිරවුම්හල යුධබිමක්? නැගිටීම් මර්දනයට හමුදාව යොදවයි?

Sri Lankan Special Task Force soldier wearing a protective face mask stops vehicles for inspection at Colombo, Sri Lanka on April 14, 2020. Despite the dawn of Sinhala and Tamil New Year, Sri Lankans have withdrawn from celebrations as Sri Lanka Police stated that celebrations for New Year have been prohibited during curfew hours as curfew is imposed to restrict peoples movements in an effort to contain spread of COVID-19. According to Sri Lankan Health Ministry 7 deaths and 218 positive cases of Covid-19 have been reported in Sri Lanka while an island-wide curfew is imposed till April 16 to minimize the spread of Covid-19. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

දිවයින පුරා පිහිටි ලංකා ඛනිජතෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා හමුදාව යෙදවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා..

ඉන්ධන හිඟයත් සමග පිරවුම්හල්වල ඇති වන ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා මෙලෙස හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න කියා තිබුණා.

මේ වෙද්දී ඉන්ධන පිරවුම්හල්වල මරණ හතරක් සිදු වුණත් ඉන් තුනක්ම සිහිනැතිව ඇදවැටීම්. ඒවා හමුදාව යොදා පාලනය කළ හැකි සිදුවීම් නෙවෙයි. පෝළිම්වල පීඩාවන් පාලනය කරන්න පුළුවන් වන්නේ ඉන්ධන සැපයීම විධිමත්ව කළොත් තමා.

එක් ගැටුමක් පිරවුම්හලක සිදු වුණා. එහෙත්, පොලීසිය යෙදවීමෙන් ඒවා පාලනය කරන්න පුළුවන්.

මෑත කාලයේ හමුදාව විවිධ ප්‍රශ්න විසඳන්න කියා ජන ජීවිතයට සම්බන්ධ කරවන්නට ගෝඨාභය රාජපක්ෂලා ගත් උත්සාහයන් අසාර්ථක වුණා. වාහන තදබදය පාලනයට කියා බලයට ආ විගස හමුදා පොලිස් අංශ යෙදෙව්වා. රථවාහන හසුරුවා අත්දැකීම් ඇති රථවාහන පොලීසියේ නිලධාරීන් පැත්තට වී බලා සිටියදී හමුදා පොලිස් සෙබළුන් වැඩේ නාගෙන ට්‍රැෆික් වැඩි කළා. වරාය හමුදා ලොක්කෙක්ට බාර දුන්නා. වසංගත පාලනයත් බාර දුන්නා. හැමතැනම අනා ගත්තා. වසංගත පාලනයට යෙදූ හමුදා සෙබළුන්ට භයානක වෛරසයක් ඇති තැනක කටයුතු කරන්න ඕනෑ විදිය ගැන සෞඛ්‍ය සේවකයන් මෙන් අත්දැකීම් නැති නිසා හමුදා පොකුරක් නැති වුණා.

දැන් පිරවුම්හල්වලට හමුදාව යෙදවීම ජන ජීවිතය මැද්දට හමුදාව රිංගවීමට ගන්න අලුත් උත්සාහයක්. ෂුවර් එකටම ඔය සෙබළුන් එන්නේ දරුණු ස්වයංක්‍රීය ගිනිඅවිත් එල්ලාගෙන.

මේ තීන්දුවෙන් ඉන්ධන පිරවුම්හල් නිල වශයෙන් යුධ බිම් බවට පත් වෙනවා. ඇත්තටම මේ සියල්ල ඉන්ධන සාධාරණ ලෙස බෙදන බව තහවුරු කරන්නද? ගැටුම්කාරී තත්වයන් පාලනය කරනවා කියන්නේ කුමක්ද? ආණ්ඩුවට විරුද්ධව ඉන්ධන පිරවුම්හල්වල ඇතිවෙන සංවාද පාලනය කරන්නද? පෝළිංවල ඇති විය හැකි නැගිටීම් බියගැන්වීම් තුළින් පාලනය කරන්නද?