සමගි ජන බලවේගයත් සර්ව පාක්ෂික සනුළුවට නොයෑමට තීරණය කළ බව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ජවිපෙ සහ සජබ යන විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකම එයට සහභාගී වෙන්නේ නැහැ.
ඊට අමතරව විමල් වීරවංශ, උදය ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර යන ආණ්ඩුවෙන් ඈත් වූ කණ්ඩායමත් එයට සහභාගී වෙන්නේ නෑ.
මෙම සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සැබෑ වුවමනාව මත ඇරඹූ එකක් නෙවෙයි. ශ්‍රීලනිපය යෝජනා කළ නිසා ‘හා කරමු’ කියා ඇරඹූ එකක්. සියලු පක්ෂ එක්ව අර්බුදය විසඳීමේ සැබෑ වුවමනාවක් මේක පසුපස තිබුණාදැයි සැකයි.