ලිට්‍රෝ සමාගම සතු ගෑස් තොග මාර්තු 22 රාත්‍රී අවසන් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් මාර්තු 21 වැනිදා පස්වරුවේ ‘ලංකාදීප’යට කීවාලු. යොහාන් භාසුර ලියූ පුවතක එසේ සඳහන්.
කෙසේ වෙතත් වෙළඳසැල් ගොඩක ගෑස් නොමැති බව බෝඩ් තියෙන අන්දම මාර්තු 21 වැනිදාම දක්නට ලැබුණා.
ලිට්‍රෝ සමාගමේ කෙරවලපිටිය ගෑස් පර්යන්තයෙන් අද රාත්‍රී දක්වා ගෑස් නිකුත් කරන බවත් හෙට දිනයේ ගෑස් සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන බවත් එම නිලධාරියා කියා තියෙනවා.
ගෑස් මෙට්‍රික්ටොන් 3500 රැගත් නෞකාවක් මාර්තු 21 රාත්‍රී ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවීමට නියමිත බව කීව එම නිලධාරියා එහි ගෑස් තොගයෙන් තවත් දින තුනක් පමණ ගෑස් නිකුත් කළ හැකි බවත් කීවාලු.
ශ්‍රී ලංකාවේ මසක ගෑස් ඉල්ලුම මෙට්‍රික්ටොන් 35,000 ක් බවත් මේ වන විට මසකට ගෑස් මෙට්‍රික්ටොන් 10,000 ක් පමණක් ලැබීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් නිලධාරියා කියා තියෙනවා.
රට පුරා අද දිනයේ ද ගෑස් මිලදීගැනීමට දිගු පෝලිම් දැකිය හැකි වූ අතර පෝලිමක ගෑස් සිලින්ඩර 500 ක ඉල්ලුමක් තිබියදී බොහෝ ස්ථානවල සිලින්ඩර 50 ක් පමණ ලැබීමෙන් ජනතාව අතර ගැටුම් ඇතිවීමට හේතු වී තිබේ.