ඉස්සර මිනිස්සුන්ට ගෑස් බෙදූ කනක හේරත්ට ගෑස් සිලින්ඩරේකින්ම ගහලා!

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්ට ගෑස් පෝළිමකදී ගෑස් සිලින්ඩරයකින් පහරදීලාලු.

කෑගල්ල රංවල අලුත්පාර හන්දිය අසලදී මිනිස්සු ඔහුට කෑ ගසා විරෝධය පෑමත් එක්ක මේ සිද්ධිය වුණාලු.

කනක ආණ්ඩුව පැත්තේ මන්ත්‍රීවරයෙක් වනවාට අමතරව, ඔහු කෑගලු දිස්ත්‍රික්කයේ ලොකුම ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයාලු. කෑගල්ල දිස්ත්‍රික්කය පුරා ගෑස් බෙදාහැරීමේ නියෝජිතායතන රැසක් ඔහුට හිමියිලු. ඒ වගේම කනක හේරත්ගේ ෆේස්බුක් පිටුවේ පවා ඉස්සර ඔහු ගෑස් ලිප්, ගෑස් සිලින්ඩර් ආදිය විවිධ පුද්ගලයන්ට බෙදන හැටි රැගත් ඡායාරූප තියෙනවා.

මන්ත්‍රීවරයා රථය නවත්වන්නේ නැතිව යන්න හැදුවාලු. ඒ අස්සේ තමයි විරෝධය දක්වපු කෙනෙක් සිලින්ඩරෙන්ම නෙළලා තියෙන්නේ.

කුමන දේශපාලන වෛරයක් තිබුණත්, මන්ත්‍රීවරයෙකුට හෝ වෙනත් කිසිම කෙනෙකුට ශාරීරික හිංසා කිරීම අප අනුමත කරන්නේ නැහැ.. එයින් ලැබෙන කිසිම ජයග්‍රයණයක් නෑ. රටේ අශිෂ්ඨකම තහවුරු වෙනවා මිසක.

එහෙත් සාමාන්‍ය ජනතාව විඳින පීඩාවේ තරම ඒ ආවේගය තුළින් පෙනෙන බව අමතක කරන්නත් බෑ. මේ රටට හිංසාව ඉගැන්නුවේ ඔය දේශපාලුවෝ මිසක පෝළිංවල ඉන්න ජනතාව නෙවෙයි.