මාර්තු 23 වෙනිදා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තම පක්ෂය තීරණයක් ගත් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මාධ්‍ය වෙත පවසලා.
ඒ වගේම ජවිපෙ සහ සජබ යන විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකම එයට සහභාගී වෙන්නේ නැති බව එම පක්ෂ මාධ්‍ය වෙත පවසා තිබුණා.
ඊට අමතරව විමල් වීරවංශ, උදය ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර යන ආණ්ඩුවෙන් ඈත් වූ කණ්ඩායමත් එයට සහභාගී වෙන්නේ නැති බව දැනුම් දී තිබුණා.