ඉන්ධන ලබා ගැනීම සදහා මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටි පුද්ගලයකු මාර්තු 21 වැනිදා ඇද වැටී මරණයට පත් වෙලා.
මේ දින හතරක් ඇතුළත ඉන්ධන පෝළිම්වල සිදු වූ සිව්වැනි මරණය. මාර්තු 20 වැනිදා රාත්‍රියේ ඉන්ධන පෝළිමක ඝාතනයක්ද සිදුව තිබුණා.
මීරිගම පොලිසය පවසන්නේ මෙම පුද්ගලයා ත්‍රී රෝද රියකින් පැමිණ කෑන් තුනකින් ඉන්ධන ගත් බවත්, සිව්වැනි කෑන් එක රැගෙන ඒමේදී ඇද වැටී මිය ගිය බවත් සඳහන් වෙනවා. පොලිස් නිලධාරීන් ඔහුව රෝහලට ඇතුළත් කරන්න පියවර ගෙන ඇතත්, ඔහු මරණයට පත් වෙලා.