හත්දෙයියනේ! තේ කෝප්පෙට සීයක්??? ස’ එද්දි අපි බත් එක කෑවේ සීයට!

කිරිපිටි මිල, ගෑස් මිල ඇතුලු වියදම් අධික වීම නිසා කිරි තේ කෝප්පයක මිල රුපියල් 100 දක්වා වැඩි කරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත් මාර්තු 19 වැනිදා උදෑසන ප්‍රකාශ කර තිබුණා.

මුලින් මේක මේ දවස්වල මිල ගණන් වැඩිවෙන අස්සේ තවත් ප්‍රවෘත්තියක් විදියට දැනුණ හින්දා හරියට කීයකින් වැඩි වෙලාද කියන එකටත් අපි අවධානය යොමු කළේ නෑ. ඒත්, අහම්බෙන් වගේ තේ කෝප්පෙක අලුත් ගාණ ඇහැ ගැහුණා.

හත්දෙයියනේ! රුපියල් සීයක්!

මේ ආණ්ඩුව බලයට පත්වෙනකොට සාමාන්‍යයෙන් මාළු සහිත බත් පැකට්ටුවක මිල රුපියල් 150ක් පමණ වුණත්, ඒ කාලයේදීත් සමහර කඩවල රුපියල් සීයේ බත් පැකට් හොයාගන්න තිබුණා. අපිත් රැකියාවට යද්දී එළවළු කිහිපයක් සහ කරවල, හාල්මැස්සන් බැදුමක් එක්ක සීයේ කෑම එකක් ස’ ආපු 2019 අවුරුද්දෙ පවා අපි දිනපතා කෑවා. ඇත්තටම අපි ජීවත්වුණ නිවස අසල කාන්තාවක් ඒ දවස්වල පවා එළවළු තුනක් එක්ක රුපියල් අසූවේ කෑම එකකුත් පුංචි ලොරියක තියාගෙන විකුණුවා.

ඒත්, අද සීයට කෑම හොයන්න නෑ. අද තේ කෝප්පෙත් සීයයි.

ඇත්තටම මේ මිල පවා අදහාගන්න බැරි තරම්. තේ කෝප්පයක් රුපියල් විස්සක, තිහක දෙයක් විදියට දැනුණේ අදක ඊයේක නෙවෙයි.