ආණ්ඩුවෙන් එළියට බහින්න මැතිඇමතිවරුන් පෝළිමක්ලු! ආණ්ඩුවට බහුතරය නැතිවේවිද?

ආණ්ඩුව එපා වෙච්ච දැන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්.. රාජ්‍ය ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ගණනාවක් ඉදිරියේදී තීරණාත්මක අවස්ථාවක් ආවොත් ඉවත වෙන්න ඉඩ තියෙනවාලු.

මේ බව ප්‍රධාන ඉරිදා පත්තර කිහිපයක්ම වාර්තා කරලා තියෙනවා. අරුණ, දිවයින සහ මව්බිම වාර්තා විශේෂයි.

දිවයිනේ වාර්තාවේ නම් තියෙන විදියට ඉස්සරහට ආණ්ඩුවට තුනෙන් දෙක කෙසේ වෙතත් සරල බහුතරයත් නැති වේවිලු. ඒ වගේම එළියට බහින්න කැමති අය එක්ක සාකච්ඡා කරමින්, යම්කිසි සංවිධාන කටයුතුත් සිද්ධවෙමින් පවතින බව දිවයින වාර්තාවේ සඳහන්.

මේ අය හදිසියේ එළියට බහින්නේ නැතිව කට්ටිය ආණ්ඩුවේම තැක් ගැහෙන්නට එක හේතුවක් වී තියෙන්නේ ඒ අය එළියට බැස්සත් ජනාධිපති තනතුරේ ගෝඨාභය රාජපක්ෂ තව අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ඉන්න එක.

මේ ඇවිල්ලා ඇත්තටම මහජනතාව ගැන හැඟීමෙන් කරන වැඩක්ද, නැත්නම් ඊළඟ ඡන්දය පොහොට්ටුවට දිනන්න බැරි බව දැනගෙන වෙන කොහේට හරි හේත්තු වීමේ සැලසුමක්ද කියා ඕනෑ කෙනෙක්ට වැටහෙනවා ඇතිනේ. ඉතින් ඡන්දයක් හෝ වෙන වාසි සහගත මොහොතක් එන්න කලින් කැමැත්තෙන් එළියට බහින්න අකැමති ලොකු පිරිසක් ඉන්නවාලු.

කොහොම නමුත් නිල වශයෙන් කියන්නේ ඊළඟ ආණ්ඩුවක පංගුකාරයෙක් වෙන්න සහ තමන්ගෙ දේශපාලන ජීවිතේ බේරගන්න ආණ්ඩුවෙන් එළියට යන කතාවක් නෙවෙයිනේ. ආණ්ඩුව ගැන ‘කළකිරීමෙන් ඉවත් වෙනවා’ කියලයි නිල වශයෙන් කියන්නේ.

මේ ආණ්ඩුව පත් වෙන්න කලින් රාජපක්ෂ පවුලේම කෙනෙකුට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දීමත්, ඊට පස්සේ කැබිනට් මණ්ඩලය පත් කරපු විදියත් ආදී බොහෝ අවස්ථාවන්හිදී කළකිරීම් ඇති වෙන්නට ආණ්ඩුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ට හේතු පෑදුණා. ආණ්ඩුවේ කට්ටිය ගැලවි ගැලවී යාවි කියන සැකය නිසා ආණ්ඩුවේ ඉහළ නායකයන් කිහිපදෙනෙක් කට්ටිය නොයන තැනට වෙනම මෙහෙයුමක් කරනවාලු.