දකුණේදී මේ වන විට ආණ්ඩුවේ නරුම වැඩ නිසා මිනිස්සු විඳින පීඩාවට විරුද්ධව විරෝධය පාන්නටවත් ඉඩකඩ, අවස්ථාව තියෙනවා.
ඒත්, යාපනයේ සංචාරයක නිරත වන මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට විරෝධය පාන්නට ආපු උතුරේ පිරිසකට බස්රියෙන් බහින්න දෙන්නේත් නැතිව, මට්ටුවිල් ප්‍රදේශයේදී හරවා යවන්න පොලීසිය කටයුතු කරලා.
මේ විදියට මිනිස්සු වවුනියාව සහ මුලතිව් ප්‍රදේශවලිනුයි විරෝධය දක්වන්නට ඇවිල්ලා තිබුණේ.
මේ බව ලංකාදීපයට වන්නි රොමේෂ් චතුරංග සහ වව්නියාවේ සිතුම් චතුරංග වාර්තා කරලා තියෙනවා.
ඒ මිනිස්සුන්ට විරෝධය පාන්නටවත් අයිතියක් නෑ. දැන් පවතින ආර්ථික අර්බුද විතරක් නෙවෙයි, යුද්ධයට පවා ඍජුව මුහුණදුන්න උතුරේ මිනිස්සුන්ගෙ හඬ යටපත් කරලා, ඒක අහන්නේත් නැතිව, හඬට මතුවෙන්න දෙන්නේත් නැතිව තලලා පාගලා දාන්න පොලීසිය කටයුතු කරන්නේ යටත්විජිත පාලනයක් ගෙනියන පිරිසක් වගෙයි. මේක අලුත් තත්වයක් නෙවෙයි. හැමදාම තිබුණ තත්වයක්.
මේ විදියට විරෝධය දක්වන්න ආ අය අතර අතුරුදන්වූවන්ගේ පවුල්වල පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් හිටියාලු.