වී මිල වේගෙන් ඉහළ යන නිසා ඉදිරි කාලයේදී නාඩු හාල් කිලෝවක මිල රුපියල් 200ක් දක්වා වැඩි වේවි කියා මෝල් හිමියන් අනතුරු හඟවලා තියෙනවා.
අරුණ පත්තරය ලියූ ප්‍රවෘත්තියක සඳහන් වූ විදියට වී අස්වැන්න සීයට 50කින් පහළ වැටිලා. ඒ එක්කම නාඩු 200 පනින්න ඉඩ තියෙනවාලු.
මීට අවුරුදු තුනකට විතර කලින් 2019 ජනාධිපතිිවරණය ළංවෙලා ඔක්තෝබර් මාසයේදී අරුණ පත්තරයම ලොකු හෙඩිමක් එක්ක පුවතක් ගහලා තිබුණා නාඩු හාල්වලට වෙච්ච විනාසය. ‘නාඩු හාල් මිල රුපියල් 100 පනී’ කියලා.
ඉතින් ඒ විනාසය නවත්වන්න ආපු අය නාඩු හාල් මිල 200 පන්නලා.
මහ කන්නයේදී කාබනික පොහොර යොදාගෙන වි වගා කිරීම නිසා අස්වැන්න පහළ වැටිලා තියෙන බවත්, මේ නිසා ගොවීන් බොහෝ දෙනෙකු වී තොග අලෙවි කරන්නේ නැති බවත් මෝල් හිමියන් කියා තියෙනවා.
ඉතිහාසයේ පළවැනි වතාවට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාඩු වී කිලෝවකක මිල මෝල් හිමියන්ට විකුණන මුදල රුපියල් 110 දක්වා ඉහළ ගිහින් තියෙන බවත්, මේ මිල එක්ක වී කිලෝවක් හාල් කරද්දී රුපියල් 190ක් වනු ඇතැයි සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා තියෙනවා. වී අස්වැන්න සීයට 50කින් අඩු වී තියෙන බවත්, යල කන්නයට අවශය රසායනික පොහොර තොග සැපයීමට කටයුතු නොකළොත් වී කිලෝවක් මෝ්ල් හිමියන් ගන්න මිල රුපියල් 150 පනීවි කියලත් ඔහු කියනවා. එහෙම වුණොත් යල කන්නයෙන් පස්සේ හාල් කිලෝවක මිල 300ක් වේවි කියලාත් ඔහු කියා තියෙනවා.
මේකට උත්තර විදියට කෘෂිකර්ම අමාත්‍යාංශය කියා තියෙන්නේ දැන් වී අලෙවි මණ්ඩලය මිලට ගන්න වී ඉදිරි දිනවල සාධාරණ මිලට පාරිභෝගිකයන්ට සතොස සහ සමුපකාර සමිති මගින් විකුණන බව.
ඒත් ප්‍රායෝගිකව රටේම හාල් අවශ්‍යතාව ඔය ක්‍රමේට සම්පූර්ණ කරන්න බැරි බවත්, එච්චර හාල් තිබුණත් රටේම සාමාන්‍ය අවශ්‍යතා පුරවන්නට සතොස හෝ සමුපකාර වෙළඳසැල් ලංකාවනෙැති බවත්, ඔය තැන්වලින් හාල් මිලදී ගැනීමටත් දිග හාල් පෝලිම්වල ඉන්න සිදුවෙන බවත් අපි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.