කුප්‍රකට ඥණා අක්කා මිලදී ගත්තායැයි කියන ලේක් මොනාක් හෝටලය ගැනත්, එය වැව් රක්ෂිතයේ කරපු අනවසර ඉදිකිරීමක් බවත්, ඉදිකිරීම වෙනුවෙන් හමුදා සෙබළුන් යෙදවූ බවත් සඳහන් කරමින් මාර්තු 13 ඉරිදා ලංකාදීප පුවත්පතේ විශාල විශේෂාංගයක් පළ කරලා තියෙනවා.
එහි මූලිකව සඳහන් වන්නේ ඥාණක්කා අනුරාධපුරයේ වගේම එංගලන්තයේත් ව්‍යාපාර හිමි ධනවත් කාන්තාවක් ලෙස. ඇය අනුරාධපුර කඩ 50 කියන කඩ අතරින් එක් කඩයක් කෝටි ගණනක් දී මිලට ගෙන ඇතැයි අනුරාධපුර නගර සභාවෙනුත් තහවුරු කරගෙන තියෙනවා.
‘ඥාණක්කා මේ වන විට කෝටිපති ව්‍යාපාරිකයෙක්. රජ වුණාට පස්සේ ආයි මොකටද රජ වෙන්නේ මහත්තයෝ.’ යනුවෙන් අනුරාධපුර නගරාධිපති එච්.ජී. සෝමදාස කී බව ලංකාදීප වාර්තාවේ සඳහන්.
මේ ව්‍යාපාර ඇගේ පුතා වන අනුරුද්ධ ජයසූරිය සහ තවත් ඥාති පුතෙකු වන පන්තක ෆ්‍රනෑන්ඩු පාලනය කරන බවත් ලංකාදීප වාර්තාවේ සඳහන් කරනවා. එහි තියෙන විදියට අනුරුද්ධ ජයසූරිය කියන පුතා එංගලන්තයේ ඉඳන් ලංකාවට ආ කෙනෙක්. පන්තක ෆ්‍රනෑන්ඩු අනුරාධපුර ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපතිලු. ඔහු තමන්ගේ ක්‍රිකට් වැඩවලට හෝටලය යොදා ගන්න බවත්, හෝටලයේ කටයුතු බලා කියා ගන්නේ ඔහු බවත් ලංකාදීපය වාර්තා කරලා තියෙන්නේ පන්තකගේ ‘සමීපතම’ අය ලංකාදීපයට ඒ කරුණු කී බව සඳහන් කරමින්. කොහොම වෙතත් පන්තක ප්‍රනාන්දු මේ හෝටලයේ කටයුතු තමන් නොබලන බව කියමින් ඒ ලිපියටම කමෙන්ට් එකකුත් දීලා තියෙනවා.
හැබැයි පන්තක තමන්ගේ කමෙන්ට් එකේදී මේ හෝටලය අයිති ඥාණක්කාගේ පුතා අනුරුද්ධ ජයසූරියට බව කියමින්, මේක ඥාණක්කාගේ පවුලට අයිති එකක් බව තහවුරු කරලා.
ඊට අමතරව ලංකාදීපය වාර්තා කරන්නේ හෝටලයේ ඉදි කරලා තියෙන්නේ බලපත්‍රයක් නැතිව, වැව රක්ෂිතයේ බව. හෝටලයේ ඉදිරි කොටසට ඔප්පුවක් තිබුණාට, ඒක හදා ගත්තෙත් කොහොමද කියන එක සැකසහිත බවත් ලංකාදීප වාර්තාවේ සඳහන්. අනුරාධපුර නගරාධිපතිවරයාත් නගර සභාවේ අනුමැතිය නැතිව මේක ඉදි කරපු බව ප්‍රකාශ කළායැයි වාර්තාවේ තියෙනවා.
සාමාන්‍යයෙන් මෙවැනි ඉදිකිරීමක් පළාත් පාලන ආයතනයේ අවසර අරන් තමයි කරන්න ඕනෑ. සැලසුමට අනුමැතිය ගන්න ඕනෑ. කොහොම නමුත් මේක අයිති අනුරාධපුර නගර සභාවට නෙවෙයි, නැගෙනහිර නුවරගම් පළාත කියන ප්‍රාදේශීය සභාවට කියලාත් අදහසක් තිබුණාලු. ලංකාදීපය ඒ ප්‍රාදේශීය සභාපති කුමාරදාස මහතාගෙනුත් කරුණු විමසලා.
ඔහු මෙහෙම කියලා. ‘සැලසුමක් නැතිව වැඩේ පටන්ගෙන තිබුණේ. ඉදිකිරීම් අනවසරයි කියලා පැමිණිලි ආවා. අපි ගිහින් බලලා සැලසුම සහ ඉඩමේ හිමිකම ගැන ෆයිල් එකක් දාන්න කියලා වැඩ නතර කරලා ආවා. තාම ෆයිල් එකක දාලාද දන්නෑ. වැඩ නවත්වලා ආවාට ආයේ වැඩ පටන් අරන්ද දනනෑ. මේ ගැන ආණ්ඩුකාරවරයාටත් පැමිණිලි කළා. එතුමා කීවේ නීතිය හරියට කරන්න කියලා. නුවර වැව රක්ෂිත කොටසේ ඔය විදියට හෝටල් හදලා තියෙනවා. ඒවාට රක්ෂිත කොටස අයත් කියලා ඔප්පුත් හදාගෙන. කොහොම හදාගෙනද දන්නෑ.’
මීට අමතරව ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායකගෙනුත් ලංකාදීපය කරුණු විමසලා. එතැනදී තමයි හෝටලයේ එක කොටසකට ඔප්පුවක් තියෙන බව කියා තියෙන්නේ. ‘රක්ෂිත කොටසට සින්නක්කර ඔප්පු දෙන්න බෑ. ඔප්පු දෙන්න මැනුම් කරනකොට රක්ෂිතය අහු වෙනවා. ඒ නිසා ඒකට ඔප්පු දෙන්න බෑ. ඔප්පු හදාගෙන තිබුණාට ඒක නිතත්‍යානුකූල නෑ.’ යනුවෙනුත් ඔහු කියලා.
කොහොමහරි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඇහුවාම මේ ගැන නඩු පවරන බවත් කියලා.
‘නුවර වැවේ රක්ෂිත කොටසේ හෝටලයේ පිහිනුම් තටාකය ඉදි කර ඇත. එතැන ගහක් ඇත. සවස් කාලයට නුවර වැවත් සමග රමණීය දර්ශනයක් දිස් වෙයි. මෙම පිහිනුම් තටාකය ඉදි කර ඇත්තේ ඉන්ෆිනිටි පූල් එකක් ලෙසිනි…’
‘තටාකයට බසින විට විසිවෙන ඉවත්වෙන ජලය එක්වන්නේද නුවර වැවටය. නුවර වැව සහ මෙම පිහිනුම් තටාකය එතරම් ආසන්නයේ රක්ෂිත කොටසේ ඉදි කර තිබේ.’
කියලා ලංකාදීප වාර්තාවේ තියෙනවා. ඊට අමතරව මේ හෝටලය ඉදි කරන්නට හමුදා සෙබළුන් යොදාගත් බවත් ලංකාදීප වාර්තාවේ වැඩිදුරටත් තියෙනවා. මේක ඉදිකරපු කාලයේ හෝටලය ඉස්සරහා ආරක්ෂාවට හමුදාව හිටපු බවත් මේ හෝටලය ආසන්න හන්දියේ ජනතාවගේ ප්‍රකාශ උපුටා දක්වමින් ලංකාදීපය ලියා තියෙනවා.
මීට පෙර 2021 ජනවාරි මාසයේ ලංකා ඉරිදා පුවත්පතේ මාධ්‍යවේදී, අපේ සමීප මිතුරු ශාලික විමලසේන ඥාණා මෑණියන් හෙවත් ඥාණා අක්කාගේ හෝටලයක් හදන්නට හමුදාව යෙදවූ බව හෙළිදරව්වක් කළා.
ඒ හෙළිදරව්ව ගැන අමතර තොරතුරු සහිතව තමයි ඉරිදා ලංකාදීපයේ උක්ත වාර්තාව පළ කරලා තියෙන්නේ. ලංකාදීප වාර්තාවටත් ශාලික ලියූ කොටසක් උපුටාගෙන තියෙනවා. ඒ හමුදාව යොදාගෙන මෙවැනි පෞද්ගලික ඉදිකිරීම් කරන්න බෑ කියලා ඉඩම් ගොඩකිරීම සංස්ථාවේ ව්‍යාපෘති කළමණාකරුවෙක් වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් කළ ප්‍රකාශයක්.
කෙසේ වෙතත් ඔය ඉදිකිරීම්වලට හමුදාව යොදා ගන්නා බව ලංකා වාර්තා කළාට පස්සේ, හමුදාව ඉදිකිරීම්වලින් ඉවත් කරගත් බවත් පසුව ලංකා පුවත්පත වාර්තා කළා.
මීට අමතරව පසුගිය සතියක අරුණ පත්තරය වාර්තා කරලා තිබුණා අනුරාධපුරේ එක්තරා සාස්තර කියන කාන්තාවක් කොළඹ ලොකු හෝටලයක නිය අලංකරණය සඳහා ගෙන්වාගෙන තිබුණ විත්තිය. ඒ ගෙන්වුවේ හමුදාවේ ඉහළ නිලධාරියෙකුගේ අනුග්‍රහය යටතේ හමුදා වාහනවල බවත් අරුණ වාර්තාවේ සඳහන් වුණා.
මේ වැඩවලට හමුදාව යෙදෙව්වේ කවුද කියන එක අපැහැදිලියි. ඒත් සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂගේ වගේම හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අතේත් රතු නූල නං තියෙනවා.
කෙසේ වෙතත් ඉරිදා ලංකාදීපයට ලියූ මාධ්‍යවේදී ප්‍රගීත් සම්පත් ඥාණා මෑණියන්ට අදාල මිත්‍යා විශ්වාස පැත්තට අත නොතියන්න වග බලා ගන්නවා. ඒ වෙනුවට මේ මෑණිගෙ අනාවැකි හරියන්න බවත් ලියනවා
‘ඥාණා අක්කාගේ සමහර අනාවැකි මේ වන විට ටක්කෙටම හරි ගොස් ඇත. එනිසා තතනතුරු ආරක්ෂා කර ගැනීමට, කැබිනට් ඇමතිකමක්, සංස්ථා සභාපතිකකමක්, වෙනත් උසස්වීමක් හෝ ව්‍යාපාර දියුණුවක් ගැනීම සඳහා බොහෝ පිරිස් ඥාණාක්කා සොයාගෙන එති. මේ අය ඥාණා අක්කාව හඳුන්වන්නේ ඥාණා මෑණියන් කියාය. වැඩේ හරියන නිසා බොහෝ දෙනෙක් ඥාණාගේ දේවාලය සොයා එන්නේ එහෙයිනි.’
කියලා ලියා ඉවරවෙලා අමතර වාක්‍යයක් විදියට අනුරාධපුරේ ‘සමහරු කියන විදියට’ ඥාණා මෑණිගේ අනාවැකි බොරු කියා ප්‍රකාශ කරන බව සඳහන් කරනවා. එක කොළඹ දේශපාලනඥයෙක් ඥාණා මෑණි ළඟට ගිහින් කැබිනට් මන්ත්‍රීකමක් ගන්න හැදුවාට, පස්සේ තිබුණ ඇමතිකම ගහලා ගියපු බව ලියනවා. ඒ වක්‍රව, නම නොකියා ‘උදය ගම්මන්පිළ’ ගැන ප්‍රකාශ කරමින්.
අනුරාධපුර රෝහලේ සුළු සේවිකාවක් විදියට වැඩ කරලා, ඊට පස්සේ දූරකථන ක්‍රියා කරවන්නියක් විදියට ඥාණා මෑණියන් වැඩ කරපු බවත්, අසූඅට-අසූනවය කාලේ ඇගේ සැමියා මියගිය බවත් ලංකාදීප වාර්තාවේ සඳහන්. ඒ ඇවිල්ලා ඇය ගැන තිබුණ කටකතා ඇසුරෙන්. කොහොම වුණත් සැමියා මියගියාට පස්සේ පොඩි දේවාලයක් විදියට ඇය අනාවැකි කියන්න පටන් ගත් බව අනුරාධපුරේ කටකතා සහ මීට කලිනුත් අඩු වැඩි වශයෙන් මාධ්‍යවල ගිය කරුණු ඇසුරෙන් ලංකාදීපය වැඩිදුරටත් ලියා තියෙනවා.
එහෙත් මෙවැනි මිත්‍යා විශ්වාසවලට සාමාන්‍ය ගැමි දැනුමක් එක්ක ඉහළ තනතුරුවලට යන නූගත් ලුම්පන් මිනිසුන් විශ්වාස කිරීම පුදුමයක් නෙවෙයි. අපි ‘නූගත්’ යනුවෙන් සඳහන් කළේ මොකක්හරි විශ්වවිද්‍යාලයකින් උපාධි සහතික නොගත්ත අය ගැන නෙවෙයි. උපාධි සහතික ගත්ත ලුම්පන්, නූගත් මිනිස්සු තමයි ලංකාවේ ඔය ලොකු ලොකු වෘත්තිකයන් විදියට පවා වැජබෙන්නේ.
කොහොම වෙතත් මුළු රටම රවට්ටන පිරිමි දේශපාලුවන්ව රවට්ටලා හොඳට ධනවත් වූ කාන්තාවක් විදියට ඥාණක්කාව දකින්නත් යම් අයට පුළුවන්.


