ශ්රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹෙන මාසයේ සාකච්ඡා ආරම්භ කරන බව රොයිටර් පුවත් සේවය වාර්ථා කරයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදේශීය විනිමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැලැස්මක් එහිදී සාකච්ඡා වීමට නියමිතව ඇතැයි එහි දැක්වේ.
ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ වොෂින්ටන් බලා යාමට නියමිත බවත් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත එහිදී ඉදිරිපත් කරනු ඇති බවත් වාර්තාවේ සඳහන්ය.
ශ්‍රී ලංකාව වසර ගණනාවකට පසු දරුණුතම මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර විනිමය සංචිතය ඩොලර් බිලියන 2.31 ක පහල අගයක පැවතීමත් සමඟ ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු ආනයන සඳහා ගෙවීම අර්බුදයක් වී ඇති බවත් එහි දැක්වෙයි.
ශ්‍රී ලංකාව වසර ගණනාවකට පසු දරුණුතම මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර විනිමය සංචිතය ඩොලර් බිලියන 2.31 ක පහල අගයක පැවතීමත් සමඟ ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු ආනයන සඳහා ගෙවීම අර්බුදයක් වී ඇති බවත් ජුලි මාසයේදී කල් පිරෙන ඩොලර් බිලියන 1 ක බැදුම්කරයක් ඇතුළුව මේ වසරේ ඩොලර් බිලියන 4 ක පමණ විදේශ ණය ගෙවීමට සිදුවන බවත් එහි දැක්වෙයි.
කෙසේ වෙතත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවල අරමුණ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොවන බවය.