මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකම අත්හැරලා ඒ තනතුර රනිල්ට ලබා දී අලුත් ජාතික ආණ්ඩුවක් හදන්න ලෑස්තිවෙනවා කියලා යන ප්‍රචාරයන් අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළාලු.
මේ බව සඳහන් වුණේ ඩේලි මිරර් පත්තරයට ජමිලා හුසේන් ලීව වාර්තාවක.
රනිල් තමන්ගේ හොඳ යාළුවෙක් වුණත් ප්‍රතිපත්ති වෙනස් නිසා එක ආණ්ඩුවක වැඩ කරන්න අමාරු බවත් ඔහු කියලා.
ජාතික ආණ්ඩුවක් හැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර එවැනි ආණ්ඩුවක් ගැන සාකච්ඡාවක් තියෙනවාද කියා මාර්තු 11 වැනිදා මාධ්‍යවේදීන් පිරිසක් ඇහුවාලු. ඒ අරලියගහ මන්දිරයේ අගමැති මහින්ද සහ එම මාධ්‍යවේදීන් අතර තිබුණ හමුවකදී.
ජාතික ආණ්ඩුවක් ඕනෑ නැති බවත් කිසිම පක්ෂයක් එක්ක ජාතික ආණ්ඩුවක් හදන්නට සාකච්ඡා නොකරන බවත්, තනියෙන්ම අර්බුදය විසඳන්න තමන්ගෙ පක්ෂයට (රාජපක්ෂලාට) පුළුවන් බවත් ඔහු කියලා.
දැනට පවතින අර්බුදය ගැන මාර්තු 23 වැනිදා රාත්‍රියේ පවත්වන්න නියමිත සර්ව පාක්ෂික සමුළුවේදී කතා කරන බවත් ඩේලි මිරර් වාර්තා කරලා.
කොහොම වෙතත්, රනිල්ට ලැබෙන අගමැතිකම ගැන පාර්ලිමේන්තු ලොබියේදී ඇති වුණ සංවාදයක් කියා දිවයින දේශපාලන තිරය පසුපස කොලමේ පහත සඳහන් කරුණු තිබුණා.
‘මේ අතර පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ හා විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවකගේ ප්‍රශ්නවලට පිළිතුරු බඳින්නට සිදු විය. මුලින්ම ඔහුගෙන් මේ ප්‍රශ්න අහන්නට පටන් ගත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුය. අඟහරුවාදා පාර්ලිමේන්තුවට ගිය රනිල් වට කරගනිමින් ඔවුහු ප්‍රශ්න කරන්නට වූහ.
ආණ්ඩු පක්ෂයේ ඉන්න අයට ආණ්ඩුව කරන වැඩ ගැන ආරංචි වෙන්නේ නැද්ද? මමද දැන් ඔයාලට ආරංචි කියන්න ඕනෑ.
ඒ අතර එතැනට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද පැමිණියහ.
අපටත් ආරංචි වුණා ඔය වගේ කතාවක්. එහෙම කතාවක් මේ විදියට පැතිරිලා යන්න හේතුවක් තියෙන්නත් ඕනෑ. විපක්ෂයේ තර්කය විය.
‘ඔයාලට ආරංචි වුණේ නැද්ද මටත් තනතුරක් ඒක ඇතුළේ ලැබෙනවා කියලා. මටත් ඇමතිකමක් දෙන්න යනවා කියලා ආරංචි වුණා..’ රනිල් කීවේය.
අපට නම් ආරංචි ඔබතුමාට අගමැතිකමට ආරාධනා කරනවා කියලා.
‘දන්නේ නෑ.. ඔයාලා තමයි කියන්න ඕනෑ.’ නායකයාද පිළිතුරු දුන්නේය.
‘කොහොම වුණත් ඔබතතුමා හොඳ ආර්ථික දැක්මක් තියෙන අගමැති ධුරය දැරූ සෑම අවවස්ථථාවකදීම හොඳ ආර්ථික කළමණාකරණයක් පවත්වාගෙන ගිය කෙනෙක් කියන කාරණය රටම පිළිගන්නවා. ඒකත් මේ කතාව මෙහෙම පැතිරෙන්න හේතුවක් වෙන්න ඇති.’ තවත් පසුපෙළ මන්ත්‍රීවරයෙක් කීය.
‘ජාතිකආණ්ඩුවක් හදනවාට වඩා අවුරුදු 15ක් 20ක් යන ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් හදන්නයි පාර්ලිමේන්තුවේ 225ම එකතු වෙන්න ඕනෑ..’ නායකයා කී විට සියලු දෙනාම හිස සලා එය අනුමත කළහ.’