පිටරටින් ගෙන්වන භාණ්ඩ තහනම් කරනවා වෙනුවට ඒවාට ලොකුම ලොකු බද්දක් ගහන්න කියලා රජයට මහ බැංකුව යෝජනා කළාලු.
මේ යෝජනාව කරලා තියෙන්නේ මහ බැංකුව රජයට ඉදිරිපත් කරපු යෝජනා මාලාවක් අතරින් එකක් විදියට. මේ යෝජනා මාලාව හඳුන්වන්න පුළුවන් අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වැසීමේ යෝජනාවලියක් විදියට. මෙච්චරකල් ‘අර්බුදයක් නෑ, ටික දවසක් යද්දී ඔක්කොම හරියනවා.’ කීව කබ්රාල් මහත්තයගෙ යකඩ සපත්තුවට පෑගිච්ච මහ බැංකුව දැන් අර්බුදයක් විසඳන්න යෝජනාවලි දානවා. රටේ නූගත් සාමාන්‍ය මනුස්සයත් දැකපු අර්බුදය මහ බැංකුව දැකල තියෙන්නෙ දැන්.
මේ බොහෝ ‘සුඛෝපභෝගී භාණ්ඩ’ කියා ලේබල් කරපුවා ගොඩක් පොඩි මිනිස්සු අතේත් තියෙන්න ඕනෑ එදිනෙදා භාණ්ඩ. අපේ රටේ මිනිස්සුන්ව මුං ඇදලා දාලා තියෙන තැන නිසා තමයි ඒවා ‘සුඛෝපභෝගී’ විදියට හඳුන්වන්නේ.
ඒ වගේම එවැනි භාණ්ඩ තහනම් කිරීම තුළින් ජාවාරම්කාර විදියට රට ඇතුළට ඒ භාණ්ඩ පැන්නීම සිදු වෙන්න පුලුවන් බවත්, අධික බද්දක් ගෙවීමෙන් ඒ වෙනුවට විධිමත් ක්‍රමවේදවලින් භාණ්ඩ රට ඇතුළට ගෙන්වගන්න පුළුවන් බවත් මහ බැංකුවේ යෝජනාවේ තියෙනවාලු.