රටේ අලුතින් ආරම්භ කරපු ‘සංවර්ධන ව්‍යාපෘති’ වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කළ බව ලංකාදීපය වාර්තා කරලා තියෙනවා.
මේ යෝජනාව කරලා තියෙන්නේ මහ බැංකුව රජයට ඉදිරිපත් කරපු යෝජනා මාලාවක් අතරින් තවත් එකක් විදියට. මේ යෝජනා මාලාව හඳුන්වන්න පුළුවන් අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වැසීමේ යෝජනාවලියක් විදියට. මෙච්චරකල් ‘අර්බුදයක් නෑ, ටික දවසක් යද්දී ඔක්කොම හරියනවා.’ කීව කබ්රාල් මහත්තයගෙ යකඩ සපත්තුවට පෑගිච්ච මහ බැංකුව දැන් අර්බුදයක් විසඳන්න යෝජනාවලි දානවා. රටේ නූගත් සාමාන්‍ය මනුස්සයත් දැකපු අර්බුදය මහ බැංකුව දැකල තියෙන්නෙ දැන්.
ඇත්තටම මේ ගොඩක් ‘සංවර්ධන ව්‍යාපෘති’ කියන්නේ හුදෙක් දේශපාලන නායකයන් ඡන්ද බලාපොරොත්තුවෙන් හෝ කොමිස් බලාපොරොත්තුවෙන් කරන සංදර්ශන වැඩ. හොඳ ඒවා නැතිව නෙවෙයි. ඒත් බොහෝ ඒවා සල්ලි මහා පරිමාණයෙන් කාබාසිනියා කළාට රට ‘සංවර්ධනය කරන්නට’ සමත් නෑ. නිසි ජාතික සැලසුමකට අනුව ක්‍රියාත්මක වෙන්නේත් නෑ.
එවැඩ ලක්ෂයේ ව්‍යාපෘතිය කියලා කරන එකත් තවකාලිකව නවත්වන්න කියා රජයට නිර්දේශ කරලා.
ලංකාවේ තිබෙන්නේ ඩොලර් අර්බුදයක් බව කියද්දී, රට ඇතුළේ ව්‍යාපෘති නවත්වන්නේ කුමකටදැයි විටෙක සිතේවි. එහෙත් මෙවැනි බොහෝ ව්‍යාපෘතිවලට යෙදවුම් පිටරටින් ගෙන්වන්න වෙනවා. ඒ වගේම රජය සතු මුදල් ඩොලර්වලින් විතරක් නෙවෙයි, රුපියල්වලිනුත් කඩා වැටිලා තියෙන්නේ. වැටුප් ගෙවීමේ ඉඳන් රාජ්‍ය සේවයේ ඉදිනෙදා කටයුතුවලටත් සල්ලි හොයාගැනීමේ අර්බුදයක ආණ්ඩුව ඉන්නවා.