ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කරලා.
ඒ කියන්නේ වාහන ආනයනයට තියෙන සීමා ඉවත් කරන්න කියලා නෙවෙයි. ඒ සීමා දිගටම තියෙනවා. යම් කෙනෙක් වාහනයක් හෝ වාහන තොගයක් ගෙන්වද්දී ඩොලර්වලින් බදු ගෙවනවා නං අවසර ලැබෙනවා.
බොහෝ විට මේ ඉලක්කය පොඩි මිනිස්සුන්ට අවශය ත්රීවීලර් එක, බයික් එක සහ පොඩි කාර් ගෙන්වන්න වාගේ නෙවෙයි. මොකද, ඒ විදියේ වාහන ගෙන්වන ආනයනකරුවන්ට ලොකු වාහන තොගවලට බදු ගෙවන්න කියලා ගොඩගහපු ඩොලර් නැහැනේ. වාහන ආනයනකරුවන් සල්ලි උපයන්නේ රුපියල්වලින්නේ.
බොහෝ විට ලොකු සල්ලියක් ගෙවල වාහනයක් ගෙන්වගන්න හිතන අයට ඕෆ් ෂෝ ගිණුමකින් ඩොලර් ටිකක් අරන් බදු ටික ගෙවලා සුපිරි වාහනයක් ගෙන්වගන්න අවස්ථාව ලැබෙන යෝජනාවක් මේක.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා යටතේ දේශපාලනඥයන්ට හොඳටම පාවාදුන්න (ඊට කලින් ඉඳලාම පාවාදීලයි තිබුණේ) මහ බැංකුව දැන් හැසිරෙන්නේ පරක්කුවෙලා පත්තුවෙන ටියුබ් ලයිට් එකක් වාගේ. එක එක වෙලාවට ගැහෙනවා, ආලෝකය අඩු වැඩි වෙනවා, නිවෙනවා.
දැන් මෙච්චරකල් වාහන ආනයනය නවත්වලා තිබුණා. ඒ ඔක්කොම අස්සේ ආර්ථිකය මෙතැනට වැටෙනතුරු ඩොලර් එකත් හිර කරගෙන, සල්ලි තොග ගාණට අච්චු ගහන භාණ්ඩාගාරයටත් නිසි උපදෙස් නොදී, ‘අර්බුදයක් නෑ’ කියාගෙන හිටියා. ජනවාරියේ අතේ තිබ්බ ඩොලර් සොච්චම ණය වාරිකයක් ගෙවන්න කියලා කිසි ප්ලෑන් එකක් නැතිවම පුදලා දැම්මා.
දැන් අලුත් අදහසක් මහ බැංකුවට පහළ වෙලා. ලංකාවට ආයෙත් වාහන ගෙන්වන්න දෙමුලු. ඒ ගෙන්වන වාහනවලට බදු ගෙවනකොට ඩොලර්වලින් බදු ගෙවන්න කියමුලු. මොකද වාහන ගෙන්වන ඇතැම් ධනවත් අය අතේ එළියට නොදාපු ඩොලර් ඇතිලු. ඒවා එළියට ගන්න මේක හොඳ උපක්රමයක් වේවිලු.
ඉතින්! ඕක මාර අදහසක් නං මෙච්චරකල් ක්රියාත්මක නොකළේ මොකටද? උදයංග වීරතුංග යුක්රේනයෙන් ගෙන්නපු සංචාරකයො ටික ඇති තරං ඩොලර් හොයා දෙයි කියා හිතූ නිසාද?