විමල් ඉස්සර මහතීර් මොහොමඩ්ට උපමා කළ මහින්ද, දැන් මෝඩයිලු!

Sri Lankan President Mahinda Rajapaksa (L) offers a glass of young coconut water to Sri Lankan Housing Minister Wimal Weerawansa (R), who was on a hunger strike, as Weerawansa's daughter (2nd L) looks on outside the United Nations office in Colombo on Juy 10, 2010. Weerawansa on July 10 signalled the end of his three-day protest fast against the UN Secretary General. UN chief Ban Ki-moon July 9 called on Sri Lanka to "normalize conditions" around the UN office in Colombo after days of angry demonstrations over a UN war crimes panel. AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP via Getty Images)

රට තුළ ඉන්ධන අර්බුදයක් තිබුණේ නැති බවත් අමාත්‍යවරුන් විසින් කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වූ බවටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය මෝඩ ප්‍රකාශයක් බව විමල් වීරවංශ කියලා.

මහින්ද කියා තිබුණේ ඉන්ධන හිඟයක් තිබුණේ නැහැ, නැවෙන් බාන ප්‍රශ්නයක් තිබුණේ, ඇමතිවරුන් කරපු කතා නිසා තමයි පෝළිං ඇති වුණේ කියලා.

ඇත්තටම ඒ ප්‍රකාශය නං රටේ අගමැතිගෙ හැටියට මෝඩ දේශපාලන කතාවක් තමයි. ඒක හොඳයි රත්තරන් වගේ මෝඩයන්ට කියන්න.

ඒත් ඉතින්, ඉස්සර විමල්ට මහින්ද කියන්නෙ ‘මහතීර් මොහොමඩ්’ වගේ කෙනෙක්නෙ. ඒ මහතීර් මොහොමඩුයි, ලී ක්වාන් යූ වගේ ගෝඨායි එකතුවෙලා රට දියුණුවෙන් දියුණුවට පත් කරනවා කියලානෙ එදා කීවේ.ො

ඒ අස්සේ සුපුරුදු බටහිර විරෝධී ජාතිකවාදී පිස්සු කතන්දර ටිකම ඉස්සරහටත් කියාගෙන ඉන්න විමල් වීරවංශ මහතා උත්සාහ කරන බව පේනවා.

“මුදල් අමාත්‍යවරයා මේ ආර්ථික අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔහුට උවමනා අර්බුදය උත්සන්න කරලා, ව්‍යසනකාරී තත්වයකට ඇද දමලා මේ රට බටහිර උපායමාර්ගයට ගොදුරු කරවීමයි”  යනුවෙන් ඔහු කියලා.