‘ හිඟමනට වැටුණත් ස’ ට රිද්දන්නෙපා!!’ වහල් බලකායක් සජබ කාර්‍යාලය වටලයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් සමගි ජන බලවේගයේ කාර්‍යාලය වටලලාලු.

මේ පිරිසගේ ක්‍රියාවන් නිසා පක්ෂ කාර්‍යාලයට අලාභහානි සිදුවූ බව සමගි ජන බලවේගය පැත්තෙන් කියා තියෙනවා. ඒ අය මධුර විතානගේ මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් බවත් ඔවුන් කියනවා.

ආපු අය කාර්‍යාලයට ඇතුළු වෙලා නැහැ. එහෙත් ගෝඨාභයගේ නිවසට ළංවෙන්න නොදී මිරිහානේ ලැබුණ ආරක්ෂාව මෙතැනදී ලැබිලාත් නෑ.

මාර්තු 05 වැනිද සමගි ජන බලවේගයේ වනිතා සංවිධානය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස වැටලීමට උත්තරයක් විදියටලු මේ හපන්කම කොරලා තියෙන්නේ.

ඒත් කලින් කී කාන්තා උද්ඝෝෂණයේ අරමුණ ජනාධිපතිට රටේ අර්බුදය මතක් කරල දීම. මේ කියන සජබ් කාර්‍යාලයට පැන්න පිංගොනුන්ගෙ අපේක්ෂාව මොකක්ද?

රටේ මොන ප්‍රශ්නෙ තිබුණත් කමක් නෑ. සගෙ හිත රිදෙන වැඩ කරන්න එපා කියන එකද?