බලපා ඇති ඩොලර් අර්බුදය හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු සැපයුම පවත්වා ගැනීම සදහා ණයවර ලිපි හෙවත් එල්සී විවෘතකිරීම අමාරු නිසා නොරච්චෝලේ කොට උඩ බව සන්ඩේ මෝනිං පුවත්පත වාර්තා කරලා තිබුණා.
ලංකාවේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සීයට 47ක් විතර ගල් අඟුරු වන නිසා, ගල්අඟුරු නැතිව බලාගාර හිර වුණොත් ඒක නැවත මහා අර්බුදයක් වෙවි.
සැලසුම් කර ඇති ගල් අඟුරු නැව්ගත කිරීම් සඳහා ණයවර ලිපි අටක් විවෘත කිරීම අවශ්‍ය වෙනවාලු. ඒත් ඉතින්, ඩොලර් නෑනේ.
දැනට පවතින ගල් අඟුරු තොග මේ වසරේ අගෝස්තු මාසය වෙනතුරු ඇතිලු. ඒත් අප්‍රේල් මාසය වෙද්දී අලුතින් ගල් අඟුරු නොගෙනාවොත් අප්‍රේල්- දෙසැම්බර් කාලෙ මුහුද සැර නිසා ගල් අඟුරු ගොඩබාන්න බැරිලු. ඒ අනුව මේ මාසෙ ඇතුළත ගල්අඟුරු නොගෙනාවොත් මාස ගාණකට ගල්අඟුරු නැතිව නොරච්චෝලේ වැසේවි.
ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ජගත් පෙරේරා මහතා කියලා තිබුණේ මෙම වාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිලියන 2.28න් මෙට්‍රික් ටොන් මිලියන 1.7ක (MT) තොගයක් ගෙන්වා ගැනීමට සමාගමට පුළුවන් වුණාලු. ඒත් තවත් නැව්ගත කිරීම් 38ක් ඕනෑලු. එල්සී අට ඒ වෙනුවෙන්.
“ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස දෙකකට පෙර අවසන් කරදැනටමත් ටෙන්ඩර් ලබා දීලා. මේ වසරේ අගෝස්තු මාසය දක්වා අපි ගල් අඟුරු තොග සුරක්ෂිත කරගෙන තිබෙනවා..” ඔහු කියා තිබුණා.